සංචාරක ව්‍යාපාරය නැංවීමට ‍විදෙස් සහාය | දිනමිණ

සංචාරක ව්‍යාපාරය නැංවීමට ‍විදෙස් සහාය

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් බිඳවැටුන ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ඔසවා තැබීමට අන්තර්ජාතික කොන්ග්රසය සහ සම්මේලන සංගමයේ (ICCA) සහාය ලැබුණි.

පසුගිය මාසයේදී ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දැඩි ප්‍රහාරයකට ලක්වූ සංචාරක කර්මාන්තයේ ක්ෂණිකව පුනර්ජීවනය සඳහා ගෝලීය සහයෝගීතාව දිනෙන් දින ඉහළ නැංවීම සඳහා ශ්රී ලංකාව තවමත් අඛණ්ඩව කටයුතු කරමින් පවතින බවබව සංචාරක අමාත්‍යාංශය පවසයි.

මේ අනුව ICCA ආසියා පැසිෆික් අංශය විසින් ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් හි සංවිධානය කරන ලද MICE (රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන) වෙළෙඳ ප්‍රදර්ශනය ආසියානු පැසිපික් කලාපයේ ආ නූර් අහමඩ් හමිඩ් විසින් කැඳවුම් කරන පැවතිණි.

ශ්‍රි ලංකාව හා නවසීලන්තය අතර ද්විපාර්ශවික ත්‍රස්ත ප්‍රහාරයන් වැලකීම සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග හඳුනාගැනීම සඳහා මෙම රැස්වීම පැවැත්වීණි.

සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්කිරීමට සහයෝගය දැක්වීම සඳහා සහාය පළ කිරීමේ අරමුණින් මෙහිදී විනාඩියක් නිශ්ශබ්දතාවයක් ලැබුණි.

ශ්‍රි ලංකා සම්මේලන කාර්යාංශයේ (SLCB) සභාපති කුමාර් ද සිල්වා මහතා සංගමයේ සාමාජිකයින් 200 අමතා පවසා සිටියේ සාමාන්‍යයෙන් රට සහ සංචාරක කර්මාන්තය වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි.

අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහාත්, රට ව්‍යාපාර කටයුතු සඳහාත් විවෘතව ඇති බවටත් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හැකි සෑම පියවරක් ගනු ඇති බවත් ඔහු තහවුරු කරතිබේ.

ශ්‍රි ලංකාවේ ප්‍රධාන සංචාරක ස්ථාන කිසිවකට පහර නොදී ඇති බවත් මෙම ස්ථාන නරඹන්නන් පිළිගැනීමට සූදානම්න් සිට්න බවත් එහිදී අවධාරාණයකර තිබේ.

දකුණු ආසියානු කලාපයේ MICE සංචාරක ව්‍යාපාරය සඳහා ශ්‍රි ලංකාව ස්ථාපිත කිරීම සඳහා ශ්‍රි ලංකාවේ ප්‍රධානතම සංවිධායකවරයා වන්නේ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.

ගෝලීය ත්‍රස්තවාදයේ අභියෝගය ජය ගැනීමට කර්මාන්තයේ දිගින් දිගට නියැලී සිටින ලෙසත්, ශ්‍රි ලංකාවට විශේෂයෙන් පැමිණෙන ලෙසත් කර්මාන්තකරුවන්ට ආරාධනා කරනබවත් ශ්‍රී ලංකාව ඔවුන් පිළීගැනීමට සූදානම්ව සිටින ආකාරය පිළිබඳවත් මෙහිදී අදහස් ඉදිරිපත් විය.

පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක සංචාරක සංවිධානයේ මහ ලේකම් සුරාබ පොලොලිකෂ්විලි විසින් ශ්‍රි ලංකා සංචාරක කර්මාන්තය බිඳ නොවැටෙන ලෙස පවත්වාගැනීමට ශ්‍රිලංකා සංචාරක කර්මාන්තයට නොසැලෙන කැපවීමකින් කටයුතු කළයුතු බවට අවධාරණය කර සිට්යේය.


නව අදහස දක්වන්න