ජනශක්ති ‘ශිල්ප ශක්ති’ 5 වසර ශිෂ්‍යත්වයට මඟ පෙන්වයි | දිනමිණ

ජනශක්ති ‘ශිල්ප ශක්ති’ 5 වසර ශිෂ්‍යත්වයට මඟ පෙන්වයි

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජීවිත රක්ෂණ සේවා සැපයුම්කරු වන ජනශක්ති ජීවිත රක්ෂණ සමාගමෙහි 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉලක්කකර ගත් ශිල්ප ශක්ති වැඩසටහන ඇඹිලිපිටිය , කුරුණෑගල සහ දඹුල්ල යන නගරයන්හි පැවති සම්මන්ත්‍රණ මාලාව සමඟින් පසුගියදා ආරම්භ කරන ලදී.

අඛණ්ඩව 5 වැනි වසරටත් ක්‍රියාත්මක වන ශිල්ප ශක්ති වැඩසටහන ඇඹිලිපිටියේදී පැවති සම්මන්ත්‍රණයෙන් ආරම්භ වූ අතර, ඒ සඳහා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියන් 480 දෙනෙක් සහභාගී වූහ. මෙම සම්මන්ත්‍රණය තුළින් විභාගයට සූදානම් වී ඊට සාර්ථකව මුහුණ දෙන ආකාරය පිළිබඳව දැනුවත් කරයි. මේ වසරේදී ශිල්ප ශක්ති වැඩසටහන තුළින් සිසු සිසුවියන් 1200ක් පමණ දැනුවත්කර තිබීම විශේත්වයකි.

මෙම ශිල්ප ශක්ති වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ ජනශක්ති ජීවිත රක්ෂණ සමාගමෙහි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිළධාරී ජූඞ් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ “රටෙහි සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපනය ඉතා වැදගත් සාධකයක් වන අතර රටේ අනාගතය වෙනුවෙන් ශක්තිමත් නායකයන් බිහිකිරීමට එය අත්‍යාවශ්‍ය සාධකයක් වේ.


නව අදහස දක්වන්න