PATHE Global Campus වෙතින් අමෙරිකානු උපාධියක් | දිනමිණ

PATHE Global Campus වෙතින් අමෙරිකානු උපාධියක්

PATHE Global Campus (www.pathe.edu.lk)සිය නවතම ඇමරිකානු උපාධි සම්පූර්ණ කිරීමේ වැඩසටහන පසුගියදා American Alumni Assoiation (AAA)හි විශේෂ උත්සවයේදී හඳුන්වා දුන්නේය. ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ Cleary University එහ හි තුන් අවුරුදු ව්‍යාපාර පරිපාලන උපාධිය දැන් කොළඹ 06, වැල්ලවත්තේ, රාජගුරු ශ්‍රී සුභූති මාවතේ, අංක 7 ලිපිනයෙහි පිහිටි PATHE Global Campusහිදී හැදෑරිය හැකිය. උපාධි පාඨමාලාව සඳහා බඳවා ගැනීමේ අවම සුදුසුකම සාමාන්‍ය පෙළ සමත් වීමය. මෙහි විශේෂත්වය වන්නේ ශිෂ්‍යයාගේ අවශ්‍යතාව අනුව පාඨමාලාවේ ඕනෑම අදියරකදී අමෙරිකාවේ Cleary Universityවෙත මාරු විය හැකි වීමය.

1883දී ඇරැඹි Cleary University ව්‍යාපාර අධ්‍යයනයට විශේෂඥතාවක් දක්වන ලාභ නොලබන අධ්‍යාපන ආයතනයකි. අමෙරිකාවේ කලාපීය මට්ටමේ පිළිගැනීම මෙන්ම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ පිළිගැනීමද ඊට ලැබී ඇත. එක්සත් ජනපද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විද්‍යාල ලකුණු සටහන අනුව Cleary University එය අයත් කලාපයේ උපාධිධාරී වැටුප් මට්ටමින් 6 වැනි ස්ථානයට මෑතකදී පත් විය. එමෙන්ම මිචිගන්හි ආයෝජනයට හොඳම ප්‍රතිඵල ලබාදෙන අධ්‍යාපන ආයතනවලින් දෙවැනි ස්ථානයද Cleary University වෙත හිමිවිය. Cleary University උපාධි සහතිකයට ඉහළ පිළිගැනීමක් ඇති අතර අමෙරිකාවේ මෙන්ම විදේශවලදීද එම සහතිකයට රැකියාවක් ලබා ගැනීමේ හැකියාව ඉහළය. අමෙරිකානු සරසවි වැඩසටහනට ඇතුළත් වන සිසුන්ට අමෙරිකානු අධ්‍යක්ෂවරයාගෙන් රැකියා අවස්ථා උදා කර ගැනීම පිළිබඳව උපදෙස් ලැබේ.

මෙරටදී පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට අමෙරිකාවේ පැවැත්වෙන උපාධි ප්‍රදානෝත්සවයට යා හැකිය. නැතහොත් ශ්‍රී ලංකාවේදීම උපාධිය ලබා ගත හැකිය. එසේම Cleary University MBA උපාධි පාඨමාලාවට ඇතුළත් වීමේ අවස්ථාවද ඔවුන්ට හිමිවේ. ප්‍රායෝගික පුහුණුව මත පදනම් වූ මේ පාඨමාලාව හදාරන සිසුන්ට අර්ධ කාලීන රැකියාවක නිරත වීමේ අවස්ථාව ලැබෙයි. රැකියාවක් කිරීම උපාධි පාඨමාලාවේම කොටසකි.


නව අදහස දක්වන්න