ගුණ ජය සතුට පදනම ටෝකියෝ සමඟ වැඩ අරඹයි | දිනමිණ

ගුණ ජය සතුට පදනම ටෝකියෝ සමඟ වැඩ අරඹයි

ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් නායකත්වය සපයන කොරල් පර ප්‍රතිස්ථාපන වැඩසටහන, දකුණු වෙරළ තීරයට ව්‍යාප්තකිරීමේ මහඟු මෙහෙවරට දායකවීමට ගුණ ජය සතුට පදනම නොබෝදා අවබෝධතා ගිවිසුමකට එළඹුනහ. අංශ ගණනාවක් ඔස්සේ ටෝකියෝ සිමෙන්ති සමාගම සමඟ වසර ගණනාවක් පුරා පවතින සිය සබැඳියාව වඩාත් ශක්තිමත් කරමින් අත්සන් කරන්නට යෙදුනු මෙම ගිවිසුම තුලින්, ගුණ ජය සතුට පදනමේ සීනිගම පිහිටි ‘Dive Lanka, Dive Seenigama’ කිමිදුම් පුහුණු පාසැල, මින් ඉදිරියට සීනිගම හා හික්කඩුව වෙරළ තීරයේ ලෝ ප්‍රකට කොරල් පරය රැකගැනීමට සිය සක්‍රිය දායකත්වය ලබාදෙනු ඇත. ගුණ ජය සතුට පදනමේ සීනිගම කිමිදුම් පුහුණු පාසැල මෙම ක්‍රියාන්විතයට එක්වීමත් සමගම, ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු සාගර සම්පත් සංරක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂඥයන් වන Blue Resources පදනම සහ වනජීවි පර්යේෂණ සහ සංරක්ෂණ භාරය (Wildlife Research and Conservation Trust) එකමුතුවෙන් ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ගෙනයන කොරල් පර සංරක්ෂණ වැඩසටහන, වඩාත් පුළුල් භූගෝලීය පරාසයක් ආවරණය වන පරිදි ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට හැකිවනු ඇත.

මෙම පියවරත් සමග, ගුණ ජය සතුට පදනමේ සීනිගම පිහිටි ‘Dive Lanka, Dive Seenigama’ කිමිදුම් පුහුණු පාසැලේ සාමාජිකයන්, තම ජීවිතයේම කොටසක් වන් දකුණු වෙරළ තීරයේ සීනිගම සිට හික්කඩුව දක්වා වූ කොරල් පරය සංරක්ෂණයට කැපවෙනු ඇත. කුඩා දරුවන්ව සිටියදී 2004 සුනාමි ව්‍යසනයේ රුදුරු මුහුණුවර සියැසින් දැකඇති ඔවුන්ගෙන් බොහෝදෙනෙකුගේ අද දවසේ ජිවනෝපාය මාර්ගය වන්නේද මෙම කොරල් පරය ආශ්‍රිත සුන්දර වෙරළ තීරයයි. එය රැකගැනීමේ වැදගත්කම හොඳින්ම දන්නා ඔවුන්, ටෝකියෝ සිමෙන්ති සමාගමේ මෙම ව්‍යාපෘතියට සිය දායකත්වය සපයන්නේ දැඩි උද්‍යෝගයකිනි. මෙම වැඩසටහනට සමගාමීව, ගුණ ජය සතුට පදනමේ කිමිදුම් පුහුණු පාසැලේ සාමාජිකයන් වෙනුවෙන් කොරල් සංරක්ෂණය සහ ප්‍රතිස්ථාපනය පිළිබඳ පුහුණු සැසිවාර කිහිපයක් ටොකියෝ සිමෙන්ති සමාගම විසින් දැනටමත් පවත්වා ඇති අතර, ඉදිරියේදී WRCT භාරය සහ Blue Resources පදනමේ මගපෙන්විමෙන් ප්‍රයෝගික මෙහෙයුම් වලට ඔවුන් සම්බන්ධවෙනු ඇත.

 


නව අදහස දක්වන්න