Trendy Hub කොල්ලුපිටියට | දිනමිණ

Trendy Hub කොල්ලුපිටියට

Trendy Hub ප්‍රධාන ප්‍රදර්ශනාගාරය පසුගිය මැයි 21 දින කොල්ලුපිටියේ ඇලෝයි ඇවිනිව් හීදී වීවෘත කරන ලදී. මෙම අවස්ථාවට මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ජන්‍රපිය ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ප්‍රමුඛව විහාල පිරිසක් සහභාගී වුහ.

ලන්ඩන්, පැරිස් සහ මිලාන් විලාසිතා ප්‍රදර්ශනවලින් ආභාෂය ලත් ඇඟලුම් Trendy Hub වෙතින් මිලදීගත හැකි වේ. මෙහි විශේෂත්වය වන්නේ , විලාසිතා දැක්මක අපූර්වත්වය සමගින්, එදිනෙදා ජීවිතයේ දී සැරසීමට සුදුසු ලෙස මෙම ඇඟලුම් නිර්මාණය කර තිබීම බව Trendy Hub නිර්මාතෘවරු පෙන්වා දෙති.

Ò අපගේ ප්‍රදර්ශනාගාරයට පැමිණෙන වාරයක් ගානේ පාරිභෝගිකයන් උනන්දුවට හා සතුටට පත්වනු දැකීමට අප කැමතියි. ලොව විලාසිතා ක්ෂේත්‍රයේ ඉහළම තැන්වලින් ආභාෂය ලබමින් අපගේ ඇඟලුම් නිර්මාණය කර තිබෙනවා. ඒවා ආනයනය කර තිබෙන්නේත් එම රටවලින්මයි. මෙය ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීමක් වේවි. ඕනෑම අවස්ථාවකට, උත්සවයකට හෝ ගමනකට ගැළපෙන ඇඳුම් පැළදුම් අපගේ ප්‍රදර්ශනාගාරයෙන් මිල දී ගන්නට පුළුවන්. එය තමයි Trendy Hub විශේෂත්වයÓ YNM Trendy Hub ( පුද්.) සමාගමේ කොටස්කරුවකු වන ඇන්ඩෘ පෙරේරා මහතා පැවසී ය.


නව අදහස දක්වන්න