නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන 2කට ගැසූ පුද්ගලයාට චෝදනා ගොනු කරයි | දිනමිණ

නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන 2කට ගැසූ පුද්ගලයාට චෝදනා ගොනු කරයි

නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කළ පුද්ගලයාට ත්‍රස්තවාදී පනත යටතේ චෝදනා ගොනු කර තිබේ. එම ප්‍රහාර එල්ල කළ පුද්ගලයා පෙරේදා දිනයේ දී එරට අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී විනිසුරුවරයා ප්‍රකාශ කළේ ඔහුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

නවසීලන්ත ත්‍රස්ත පනත යටතේ මොහුට චෝදනා ගොනු කර තිබේ. 28 හැවිරිදි බ්‍රෙන්ටන් ටොරන්ට් නැමැති ඔහුට මේ ප්‍රහාරවලදී පුද්ගලයන් 51 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ගොනු කරනු ලැබීය. ඔහු යළි ලබන 14 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙහිදී නියෝග කර ඇති බව වාර්තා වේ.

නව අදහස දක්වන්න