පාකිස්තානයේ රටෝ ඩෙරො නගරයේ කුඩා ළමයින් රැසකට HIV | දිනමිණ

පාකිස්තානයේ රටෝ ඩෙරො නගරයේ කුඩා ළමයින් රැසකට HIV

පාකිස්තානයේ රටෝ ඩෙරො නම් කුඩා නගරයේ කුඩා ළමයින් රැසකට එච්. අයි. වී වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. අප්‍රියෙල් 24 වැනිදා වනවිට පරීක්ෂණ සඳහා ඉදිරිපත් කළ ළමයින්ගෙන් 15 දෙනකුගේම වෛද්‍ය වාර්තා ඒ බව සහතික කර ඇත. එහෙත් එම දරුවන්ගේ මවුපියන් එච්. අයි. වී ආසාදිතයන් නොවන බව විදෙස් මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෛද්‍ය ඉම්රාන් ආර්බනි පැවසීය.

හදිසියේ එකම රෝග ලක්ෂණ පෙන්නුම් කළ ළමයින් පිරිසක් මෙසේ වෛද්‍ය පරීක්ෂණයට ලක් කර තිබේ. ඊට පසුවද වරින් වර එම රෝග ලක්ෂණ සහිත ළමයින් හමු වී ඇති අතර පසුගිය මාසය තුළ එච්. අයි. වී ආසාදනය වූ පුද්ගලයන් 607 කට අධික පිරිස අතරින් 75% ක් ළමයින් බව වාර්තා වේ.

 


නව අදහස දක්වන්න