ඉන්දුනීසියාවේ විපක්ෂ ආධාරකරුවෝ කලහකාරීව හැසිරෙති | දිනමිණ

ඉන්දුනීසියාවේ විපක්ෂ ආධාරකරුවෝ කලහකාරීව හැසිරෙති

ඉන්දුනීසියා ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව එරට විපක්ෂයේ ආධාරකරුවන් කලහකාරී ලෙස හැසිරෙන බව වාර්තා වේ. මේ විරෝධතා සඳහා ජකර්තා නුවරට දහසකට වැඩි විරෝධතාකරුවන් එක්ව සිටි අතර ඔවුන්ගෙන් හැට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පෙරේදා පැවැති ඡන්ද ප්‍රතිඵල දැනුම්දීමට අනුව ජනාධිපති ජොකෝ විදෝදෝ ජයග්‍රහණය කළේය. එහෙත් විපක්ෂයේ ආධාරකරුවන් මාර්ගයේ නවතා තිබූ රථවාහනවලට ගිනි තබමින් කඩ සාප්පුවලට අලාභ හානි කරමින් කලහකාරී ලෙස හැසිරීමට විය. එම තත්ත්වය පාලනය කිරීමට ඉන්දුනිසියා පොලීසියට කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට ද සිදු වූ බව වාර්තා වේ.


නව අදහස දක්වන්න