මෝදි ඉදිරියෙන් | දිනමිණ


 

මෝදි ඉදිරියෙන්

ඉන්දීය මහ මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල අද නිකුත් කිරීමට නියමිතය.
 
මේවන විට මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වී තිබේ. දැනට වාර්තා වී ඇති තොරතුරු අනූව, මැතිවරණ බලප්‍රදේශ 247ක ඉදිරියෙන් සිටින්නේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
 
අදියර 7කින් සති 6ක කාලයක් පැවති මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම අද උදෑසන 8.00ට ආරම්භ විය. 
 
මැතිවරණ බල ප්‍රදේශ 542ක් අතරින් මීට සුළු මොහොතකට පෙර ගණන් කිරීම ආරම්භ වී ඇත්තේ, බල ප්‍රදේශ 397ක බව සදහන් වේ.
 
එයින් 92ක ඉදිරියෙන් සිටින්නේ, රාහුල් ගාන්ධිගේ එක්සත් ප්‍රගතිශීලී සන්ධානයයි. මැතිවරණ බල ප්‍රදේශ 58ක ප්‍රධාන ධාහරාවෙන් පරිබාහිර වූ පක්ෂ ඉදිරියට පැමිණ සිටියි. කේරළ ප්‍රාන්තයේ වයානාද් මැතිවරණ බල ප්‍රදේශයේ ඉදිරියෙන් සිටින්නේ, කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි. ගුජරාධි ගාන්ධිනගර් මැතිවරණ බල ප්‍රදේශයේ ඉදිරියට පැමිණීමට බී.ජේ.පී.ප්‍රබලයෙකු වූ අමිත් ශා සමත්ව සිටි. 
 
කර්නාටක ප්‍රාන්තයේ මධ්‍යම බැංගලෝර් බල ප්‍රදේශයෙන් තරගවදින සුප්‍රකට නළු ප්‍රකාශ් රාජ් පසුබෑමකට ලක්ව ඇති බව වාර්තා වේ.
 
 

නව අදහස දක්වන්න