බොලිවුඩ් නළු රාම්පාල් යළි පිය පදවියට | දිනමිණ


 

බොලිවුඩ් නළු රාම්පාල් යළි පිය පදවියට

බොලිවුඩ් සුපිරි නළු අර්ජුන් රාම්පාල් සිය සහකාරියගේ දරු ප්‍රසූතිය නිමිති කර ගනිමින් ඇය වෙනුවෙන් උත්සවයක් සංවිධාන කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 
සිය සහකාරියවන දකුණු අප්‍රිකානු ජාතික ගේබ්‍රියිලා දෙමෙත්‍රිඑඩ්ස් සමඟ රාම්පාල් තමන් පියෙකු වීමේ සතුට නිමිත්තෙන් ඔවුන් විසින් ගෙන ඇති ඡායාරූපයක් ඉන්ස්ටර්ග්‍රෑම් වෙත පසුගියදා මුදා හැර තිබුණි. 
 
අර්ජුන් රාම්පාල් පවසා ඇත්තේ, ඇය තම ජීවිතයට එක් වීමත් - තම ජීවිතය යළි පටන්ගැනීමටත් මෙය ආශිර්වාදයක් වන බවය. මෙම සතුට සැමරීමට සිය සහකාරිය වෙනුවෙන් මෙලෙස ඔහු උත්සවයක් පැවැත්වීමට සූදානම් වේ. බටහිර සම්ප්‍රදායේ මෙවැනි උත්සව සංවිධාන කර අතර එය දරු ප්‍රසුතිය වෙනුවෙන් සිටින 07වැනි මාසයේ දී පැවැත්වේ. මෙම සැමරුම් උත්සවය මුම්බායි නුවර පැවැත්වීමට බලාපොරොත්තු වන බවද වාර්තාවේ. 
 
එසේම අර්ජුන් රාම්පාල් සිය හිටපු බිරිදි මෙහෙර් ජසියා සහ එම විවාහයේ සිටින දියණියන් දෙදෙනා සමඟ ද තවමත් සමීපව දුක සැප බෙදා ගන්නා බව මාධ්‍ය සදහන් කර ඇත. ඒ අනුව රාම්පාල්ගේ දියණියන් දෙදෙනා ද සිය පියාගේ ජීවිතයට එකතුවන නව සාමාජිකයා පිළිබඳව බොහෝ සෙයින් සතුටුවන බව පවසා ඇත. 
 
මේ අතර පසුගියදා අර්ජුන් සහ ඔහුගේ සහකාරිය මාලදිවයිනේ ද සංචාරයක නිරතව තිබේ.  
 
 
 
 

නව අදහස දක්වන්න