යල් කන්නයට මහවැලි දියවර | දිනමිණ

යල් කන්නයට මහවැලි දියවර

තඹුත්තේගම විශේෂ ඩබ්ලිව්. ප්‍රදීප්

මහවැලි එච් කලාපය තුළ මෙවර යල් කන්නයේ අතිරේක බෝග සදහා දියවර නිකුත් කිරීම ඇරැඹු බව එහි නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර ජයන්ත ප්‍රේමලාල් මහතා පැවැසීය. සෝයා බෝංචි, උදු, කව්පි, මුං, මිරිස්, බඩඉරිගු ආදි අතිරේක බෝග සහ එලවලු බෝග වගාවන් සදහා මෙසේ මුර ක්‍රමයට දියවර නිකුත් කෙරෙන බව ඒ මහතා කීය. කලාපයේ සමස්ත භුමියෙන් අඩක වගාව සදහා දියවර නිකුත් කිරීම සිදුවේ. මේ අනුව කලාවැවේ වම් ඇළ මඟින් පෝෂණය වන ගල්නෑව සහ මීගලෑව කොට්ඨාස වෙත දියවර නිකුත් කිරීම ඇරැඹු බවද ප්‍රේමලාල් මහතා පැවැසීය.


නව අදහස දක්වන්න