තේරීම් කාරක සභාවෙන් වැරදිකරු වුණොත් ඇමැති බදියුදීන්ට දඬුවම් | දිනමිණ


 

තේරීම් කාරක සභාවෙන් වැරදිකරු වුණොත් ඇමැති බදියුදීන්ට දඬුවම්

කමනි අල්විස්

සියලු පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එල්ලවී තිබෙන චෝදනා පිළිබඳ ප්‍රශ්න කර ඇමැතිවරයා වරදකරු බවට පත්වුවහොත් ඔහුට එරෙහිව දඬුවම් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ දොස්තර කාවින්ද ජයවර්ධන මහත්වරු පැවසූහ.

ඇමැතිවරයා නිවරැදිකරු වුවහොත් ඒ පිළිබඳවත් තීන්දු ගතයුතු බව පැවසූ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අදාළ ආයතන සියල්ලම කැඳවා මෙහිදී කරුණු විමසීමට තේරීම් කාරක සභාවට හැකි බවත් සඳහන් කළේය. විශ්වාසභංගයකින් කිසිම අවස්ථාවකදී පුද්ගලයා වැරදිකරුද නිවැරැදිකරුද පැවසීමට නොහැකි බව පවසන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ වචන හරඹ තුළින් දෝෂාරෝපණ කිරීම හා මඩ ගැසීම පමණක් සිදුවන බවත් පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් තුළින් හෙළිදරව් වන සියලුම කාරණා ජනගත කරමින් ජනතාවට පැහැදිලි අවබෝධයක් ලබාදෙමින් සත්‍ය අනාවරණය කිරීමට හැකිවන බවත් මන්ත්‍රීවරයා අදහස් පළ කළේය. අරලියගහ මන්දිරයේදී ඊයේ (23) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මන්ත්‍රීවරු මේ බව පැවසූහ.

නව අදහස දක්වන්න