මැගසින් බන්ධනාගාරයේ වළදමා තිබූ ජංගම දුරකථන තොගයක් | දිනමිණ

මැගසින් බන්ධනාගාරයේ වළදමා තිබූ ජංගම දුරකථන තොගයක්

(බුද්ධිකා ඉඹුලාන)
 
මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ .රැඳවියන්ගේ සිර වාට්ටුව අසළ භූමියේ වළ දමා තිබුණු ජංගම දුරකතන 44 ක් සොයා ගැනීමට බන්ධනාගාර නිළධාරින් සමත්වී ඇත.
 
ප්ලාස්ටික් භාජන දෙකක  මෙම දුරකතන තොගය අසුරා වළ දමා තිබිණ.
 
එල්.ටී.ටී.ඊ රැඳවියන් 100ක්  පමණ මෙම සිර මැදිරියේ  රඳවා සිටින අතර මෙසේ ජංගම දුරකතන වළදමා ඇත්තේ කුමක් සඳහාද යන්න පිලිබඳව  බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරමභ කර තිබේ. සිරකරුවන් අතර දුරකතන ජාවාරමක් සඳහා  මෙය සඟවා  තැබුවේ ද යන්න පිළිබඳව සැකයක් පවතින බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියකු දිනමිණට කීය.
 
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයකුගෙන් ප්‍රශ්න කෙරෙන අතර මේ සම්බන්ධ ඉදිරි පරික්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට  යොමු කෙරෙනු ඇත.

නව අදහස දක්වන්න