පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මාධ්‍යයට විවෘත කරනවා | දිනමිණ

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මාධ්‍යයට විවෘත කරනවා

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
සුභාෂිණී සේනානායක

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මාධ්‍යයට විවෘත කරන බව කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කෙළේය.

මෙම කාරක සභාවේ කටයුතු පෙරේදා ආරම්භ වූ බවත් එම කටයුතු මාධ්‍යය සඳහා විවෘත කිරීම‍ සිදුකළ යුතු බවට සභානායකවරයා සිදු කළ ඉල්ලිමට අනුව මෙලෙස විවෘත කෙරෙන බවත් කතානායකවරයා සඳහන් කෙළේය.

කතානායක කරූ ජයසූරිය මහතා මේ බව සඳහන් කෙළේ සභාවේ කටයුතු ආරම්භ වූ ‍අවස්ථාවේදීය.

එහිදි වැඩදුරටත් අදහස් දැක්වූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසිය.

තේරිම් කාරක සභාවේ කටයුතු මාධ්‍යයට විවෘත කරන්න අපි තීරණය කළා.අපට හංගන්න දෙයක් නැහැ. මේ ගැන වාර්තා කරන්න මාධ්‍යයට ආරාධනා කරන්න.

කතානායකවරයා-කාරක සභාවේ කටයුතු මාධ්‍යයට විවෘත කිරි‍මේ වගකීම කාරක සභාවේ සභාපතිවරයාට තිබෙනවා.

සභානායකවරයා-විපක්ෂයට උදව් කරන්න ඇතැම් මාධ්‍ය බොරු කියනවා.

ඇමති අජිත් පීපෙරේරා මහතා-පාර්ලිමේන්තුවේ කටයුතු වාරණයකින් තොරව ප්‍රචාරය කරන්න ඉඩ දුන්නේ කතා‍නායකතුමා. ඒ නිසා පාර්ලිමේන්තුවේ හොද නරක, මැති ඇමතිවරු සිදුකරන දේවල් ජනතාව දැනගත යුතුයි.සභාවේ වගේම කාරක සභාවල සිදුකරන දේවල් ජනතාව දැනගත යුතුයි. එම තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට තිබෙනවා. මේ විශේෂ කාරක සභාව විතරක් නෙවෙයි, පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාරක සභා වාර්තා කරන්න‍ට මාධ්‍යයට ඉඩ දිය යුතුයි. එහෙම නැත්තම් වැරදි තොරතුරු සමාජ ගතවෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා-ආංශික අධීක්ෂණ කාරක සභා මාධ්‍යයට විවෘත කිරිමේ යම් යම් බාදාවන් තිබෙනවා. ඒ සඳහා ස්ථාවර නියෝග වල යම් යම් වෙනස්කම් යම් සංශෝධනයන් කෙරෙහි අවධානය යොමුකරන්නට සිදුවෙනවා. පාර්ලිමේන්තුවේ අපි කොපමණ හොද වැඩ කළත් ජනතාව අතරට යන්නේ නැහැ. ස්ථාවර නියෝග වල යම් යම් වෙනස්කම් සිදුකර හෝ මේ සඳහා අවස්ථාව ලබාදිය යුතුයි.


නව අදහස දක්වන්න