රජ­රට එල්ලංගා ප්‍රති­සං­ස්ක­ර­ණ­යට රණ­වි­රුවෝ එක්වෙති | දිනමිණ


 

රජ­රට එල්ලංගා ප්‍රති­සං­ස්ක­ර­ණ­යට රණ­වි­රුවෝ එක්වෙති

අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමුහ - නිමල් විජේසිංහ

මෙරට වැව් පොකුරු නොහොත් එල්ලංගා ක්‍රම­වේ­දය ලෝක උරු­ම­යක් වශ­යෙන් පිළි­ගැ­නී­මට ලක්වී­මත් සමඟ ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා විසින් අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්ක­යෙන් මුල­පු­රන ලද එල්ලංගා ප්‍රති­සං­ස්ක­රණ වැඩ­ස­ට­හන මේ වන­විට අති සාර්ථ­කව ක්‍රියා­ත්ම­කව පවතී. ගිය වසරේ නොවැ­ම්බර් 21 දා එල්ලංගා පද්ධති පිළි­ස­කර කිරීමේ ජාතික වැඩ­ස­ට­හන අනු­රා­ධ­පුර මහ­වි­ල­ච්චිය ප්‍රදේ­ශයේ නඹ­ග­ස්දි­ගි­ලිය වැව කේන්ද්‍ර­කො­ට­ගෙන සමා­රම්භ කෙරුණි. මුල් අදි­යර යටතේ මහ­වි­ල­ච්චිය හා තදා­සන්න නොච්චි­යා­ගම ප්‍රාදේ­ශීය ලේකම් බල­ප්‍ර­දේ­ශය තුළ තෝරා­ගත් එල්ලංගා පද්ධති දෙකක් ප්‍රති­සං­ස්ක­ර­ණය කිරී­මට සැල­සුම් කරන ලද අතර මේ එල්ලංගා පද්ධති දෙකට කුඩා ග්‍රාමීය වැව් 17 ක් අයත්ය. පසු­ගි­යදා අනු­රා­ධ­පුර දිසා­පති ආර්.එම්. වන්නි­නා­යක මහතා මහ­වි­ල­ච්චිය ප්‍රදේ­ශයේ දුණු­ම­ඩ­ලාව වැවේ එල්ලංගා පද්ධ­ති­යට අයත් නඹ­ග­ස්දි­ගි­ලිය, දුණු­ම­ඩ­ලාව, පහළ ඇතා වැව, ගල­හි­ටි­යාව, ඉහළ මිල්ල­ගො­ල්ලෑව, ඉහළ ඇතා වැව, මහ­මි­ල්ල­ගො­ල්ලෑව හා හැළ­ඹ­වැව පිළි­ස­කර කාර්ය­යන්හි ප්‍රගති සමා­ලෝ­චන ක්ෂේත්‍ර චාරි­කා­වක නිර­ත­විය.

යුද හමු­දාවේ 11 වන කාරක ඉංජි­නේරු රෙජි­මේ­න්තුවේ රණ­වි­රු­වන් ඉතා කාර්ය­ක්ෂ­මව ඉතා සංවි­ධා­නා­ත්ම­කව වැව් නවී­ක­ර­ණය කට­යුතු සිදු­ක­ර­ගෙන යනවා. දුණු­ම­ඩ­ලාව එල්ලංගා පද්ධ­තියේ ඉදි­කි­රීම් වැඩ 40% පමණ මේ වන විට අව­සන්. මේ ප්‍රති­සං­ස්ක­රණ වැඩ­ස­ට­හ­නට සම­ගා­මිව වැව් ආශ්‍රි­තව නව ජනා­වාස ජාල­යක් ඉදි­කි­රී­මට සැල­සුම් කර තිබෙ­නවා. අලුත් ඉඩම් අක්කර 5000කට ජලය ලබා­දී­මට හැකි­වෙ­නවා. මා විසින් තීර­ණය කළ ඇතැම් ග්‍රාමීය වැව් වසර තුන්හා­ර­සි­ය­යක පමණ කාල­ය­කින් කිසිදු ආකා­රයේ අලු­ත්වැ­ඩි­යා­වක් සිදු නොකර අත්හැර දමා තිබූ බව පෙනී යනවා යැයි වන්නි­නා­යක මහතා අව­ධා­ර­ණය කළේය.

ජන­තා­වගේ ඉල්ලීම් හා බල­කි­රීම් නිසා එක් ප්‍රධාන වැව­කට ඊට පහළ කුඩා වැව් රැසක් යා වන එල්ලංගා ක්‍රම­වේ­දය නොස­ලකා හැර තනි තනිව වැව් ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීම නිසා මෙම වැව් පොකුරු ක්‍රම­වේ­දය යටතේ වැව­කින් තවත් වැව­කට ජලය ගලා­ගෙන යාමේ පුරාණ තාක්ෂණ ක්‍රම­වේ­දය අභා­ව­යට යමින් පවත්නා බවද වන්නි­නා­යක මහතා පෙන්වා දුන්නේය.

මෙරට ග්‍රාමිය වැව් 5000 කට ආසන්න සංඛ්‍යා­වක් පිහිටා ඇත. එම වැව් අත­රින් 80% ක් එල්ලංගා හෙවත් වැව් පොකුරු වශ­යෙන් ඉදි­කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ වාරි එල්ලංගා පද්ධති 1262ක් ඇතැයි කෘෂි­කර්ම හා ජල කළ­ම­නා­ක­රණ විද්වත්හු පව­සති.

එල්ලංගා පිළි­ස­කර වැඩ­ස­ට­හන මෙහෙ­ය­වනු ලබන යුද හමු­දාවේ 11 වන කාරක ඉංජි­නේරු රෙජි­මේ­න්තුවේ සම්බ­න්ධී­කා­රක අණ­දෙන නිල­ධාරි මේජර් බන්දුල ජය­සේ­කර මහතා වැව් සංව­ර්ධන කට­යුතු හදි­සියේ කඩි­න­මින් සිදු­ක­ර­න­වාට වඩා නැවත බොහෝ කාල­ය­කට පිළි­ස­කර කිරී­මක් අවශ්‍ය නොවන ආකා­ර­යට නිසි ප්‍රමි­ති­ය­කින් යුතුව ඉදි­කි­රීම් කට­යුතු සිදු­කෙ­රෙන බව අව­ධා­ර­ණය කළේය.

එල්ලංගා පද්ධති සංව­ර්ධන වැඩ­ස­ට­හ­නට අදාළ සියළු ඉදි­කි­රීම් භාරව ඇත්තේ යුද හමු­දාවේ 11 වන ඉංජි­නේරු බළ­කා­ය­ටය. වැඩ­ස­ට­හන පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත් අද­හස් පළ­කළ මේජර් බන්දුල ජය­සේ­කර මහතා තම බළ­කා­යට පැවරී ඇති කාර්යය යටතේ යුද හමු­දාවේ ‘නොහැ­ක්කක් නොමැත‘යන තේමා පාඨ­යට ගැළ­පෙන ආකා­ර­යෙන් වැඩ සියල්ල ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීම තම රෙජි­මේ­න්තුවේ වග­කීම යැයි ද අව­ධා­ර­ණය කළේය.

එල්ලංගා පද්ධති දෙකට අයත් වැව් 17 මුළු­ම­නින් පිළි­ස­කර කිරි­මට වැව් බැමි අලු­ත්වැ­ඩි­යාව, වාන හා වාන් ඇළ ඉදි­කි­රීම, ඇළ­වේලි පද්ධ­තිය නවි­ක­ර­ණය, කෘෂි­මාර්ග සංව­ර්ධ­නය, රොන්මඩ බැහැර කිරීම, විදුලි වැට ඉදි­කි­රීම හා නාන තොටු­පල සකස් කිරීම අය­ත්වන බව ද ඔහු පැහැ­දිලි කළේය.

නව අදහස දක්වන්න