ජනපති-අගමැති-ආණ්ඩුව සමඟිව සිටීම අත්‍යාවශ්‍යයි | දිනමිණ

ජනපති-අගමැති-ආණ්ඩුව සමඟිව සිටීම අත්‍යාවශ්‍යයි

මහින්ද අලුත්ගෙදර

රටේ සහ ජාතියේ හෙට දවස වෙනුවෙන් කවර කාල පරිච්ඡේදයක දී වුවද ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ පවතින ආණ්ඩුව සමඟියෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කරයි.

මෙවැනි තත්ත්වයන් තේරුම් ගන්නා නායකත්වයක් අවශ්‍ය වී තිබෙන බව පවසන ඒ මහතා ඕනෑම පුරවැසියකුට ඕනෑම තැනක නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබාදීම වෙනුවෙන් දශක තුනකට ආසන්න කාලයක් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමඟ සටන් කළ බව ද ඉදිරියටත් අන්තවාදයට කිසිදු ඉඩක් ලබා නොදිය යුතු බව ද පවසයි.

මාධ්‍ය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහි දී වැඩි දුරටත් අදහස් පළ කළ ඉරාන් වික්‍රමරත්න මහතා, අපි ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් හැම තැනදීම කතා කරනවා. රටේ හැම තැනම සහ පාර්ලිමේන්තුවේ දී ඒ සම්බන්ධයෙන් කතා කරනවා. නමුත් පක්ෂ තුළ ඒ තත්ත්වය නැහැනේ. සාමාන්‍ය පුද්ගලයකුට එන්න පුළුවන්ද. මමත් ආවේ අහම්බෙන්. සාමාන්‍ය කෙනකුට එන්න බැහැ. උගත් පරම්පරාවට එන්නත් බැහැ. තාත්තාගෙන් පස්සේ දුව හෝ පුතා දානවා. එසේ නැතිනම් නෑදෑ කෙනෙක් දානවා. පාර්ලිමේන්තුවේ බැලුවොත් වැඩි පිරිසක් ඉන්නේ එසේ පැමිණි අයයි. උගත්, බුද්ධිමත් තරුණයන් ඉන්නවා. ඒ අයට එන්න පුළුවන් විදියට අත්දැකීම් ඇති අය ඉන්නවා. ඒ අයට එන්න පුළුවන් විදියට තිබිය යුතුයි.

මේ රටේ දේශපාලන ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන. කවර පක්ෂයක ඊළඟ නායකයා අනෙක් කෙනාට දෙන ක්‍රමයක් හරියන්නේ නැහැ. අපි ඇතුළ බලන්න ඕන. හෘද සාක්ෂියෙන් අහන්න ඕන. අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අපේ රජය එකට වැඩ කරන්න ඕන. ඒකේ දෙකක් නැහැ. මේවා තේරුම් ගන්න පුළුවන් නායකත්වයක් තිබෙන්න ඕන. මම කතා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැන නෙවෙයි. මම කතා කරන්නේ රටේ නායකත්වය ගැනයි. රටේ දේශපාලන නායකත්වය ගැනයි. අපිට දෙමළ ත්‍රස්තවාදයේ තිබුණු ප්‍රශ්නය කුමක් ද ? සිංහල කෙනකුට එහේ ගිහින් ගෙයක් ගන්න බැහැ කිවුවා. එවැනි කතා පත්තරවල ගියා. නීතියෙන් නොකළත් එවැනි කතා පත්තරවල ගියා. අපි කුමට ද සටන් කළේ. අපි සටන් කළේ ඕනම කෙනකුට ඕනම තැනක ජීවත් වෙන්න පුළුවන්. මේ රටේ භූමියේ කැඩීමක් නෙවෙයි මේක සංකල්පයෙන් වත් කඩන්න බැහැ. හැම කොටසේම අන්තවාදී කල්ලි ඉන්නවා. අන්තවාදීන්ට කිසිදු තැනක් නොදිය යුතුයි.


නව අදහස දක්වන්න