අවියක් - බෝම්බයක් සමග 04 ක් අත්අඩංගුවට | දිනමිණ


 

අවියක් - බෝම්බයක් සමග 04 ක් අත්අඩංගුවට

පිළියන්දල, හැඩිගම ප්‍රදේශයේදී ගිනිඅවියක් සහ අත්බෝම්බයක් සමග සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, කාර් රථයක් පරීක්ෂා කිරීමේදී අදාළ පිරිස අත්අඩංගුවට ගත් අතර ඔවුන් සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක්, ජීව අත්බෝම්බයක්, කිනිසි දෙකක් සහ වෙඩි බෙහෙත් ග්‍රෑම් 200ක් සිය භාරයට ගත් බව ය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 29, 36 සහ 34 යන වයස්වල පසුවන මොරවක, පෑලියගොඩ හා කැලණිය යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් පිරිසකි.

නව අදහස දක්වන්න