පරා­ජිත රාහු­ල්ගෙන් ජය­ග්‍රාහී මෝදිට සුබ­පැ­තුම් | දිනමිණ

පරා­ජිත රාහු­ල්ගෙන් ජය­ග්‍රාහී මෝදිට සුබ­පැ­තුම්

පරා­ජයේ වග­කීම බාර­ග­න්නවා

මේ ජය­ග්‍ර­හ­ණය ජන­තාව සතුයි
- අග­මැති මෝදි

ඉන්දීය මහ මැති­ව­ර­ණයේ දී සිය පක්ෂය ලබා­ගත් අති විශිෂ්ට ජය­ග්‍ර­හ­ණයේ අයි­තිය රටේ ජන­තා­වට හිමි­විය යුතු බව ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි පවයි.

නව­දිල්ලි අග­නු­වර දී පැවැති ජය­ග්‍රාහී රැලිය අම­ත­මින් ඔහු ඒ බව සද­හන් කළේය.

පැවැති ධාරා­නි­පාත වැසි නොස­ල­ක­මින් දහස් සංඛ්‍යාත ආධා­ර­ක­රු­වන් පිරි­සක් අග­මැ­ති­ව­ර­යාගේ රැලි­යට එක්ව සිටි­යහ.

ලොව විශා­ල­තම ප්‍රජා­ත­න්ත්‍ර­වාදී මැති­ව­ර­ණය ලෙසින් සැල­කෙන ඉන්දීය මහ මැති­ව­ර­ණය පසු­ගිය අප්‍රේල් මස 11වැනිදා සිට මැයි මස 19වැනිදා දක්වා අදි­යර 7ක් ඔස්සේ පැවැ­ත්විණි.

එහිදී ලෝක් සභාවේ ආසන 542ක් සඳහා මන්ත්‍රී­ව­රුන් තෝරා ගැනී­මට නිය­මි­තව පැවැති අතර ඉන් ආසන 350කට ආසන්න ප්‍රමා­ණ­යක ජය තහ­වුරු කර­ගැ­නී­මට අග­මැති මෝදිගේ භාර­තීය ජනතා පක්ෂය සම­ත්විණි.

විප­ක්ෂයේ ප්‍රධාන පක්ෂය වන රාහුල් ගාන්ධිගේ නාය­ක­ත්ව­යෙන් යුත් ඉන්දීය කොංග්‍ර­ස­යට දිනා­ගැ­නී­මට හැකිව තිබුණේ ආසන 100කට ආසන්න ප්‍රමා­ණ­යක් පම­ණයි.

මේ අතර මැති­ව­ර­ණ­යේදී ලැබූ දරුණු පරා­ජය සම්බ­න්ධ­යෙන් ඉන්දීය කොන්ග්‍ර­සයේ සභා­පති රාහුල් ගාන්ධි මාධ්‍ය වෙත අද­හස් දැක්විය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ රාහුල් ගාන්ධි පැව­සුවේ ලැබූ පරා­ජයේ සමස්ත වග­කීම තමන් බාර ගන්නා බවයි.

එමෙන්ම අග­මැති මෝදි ලැබූ දැවැන්ත ජය­ග්‍ර­හ­ණ­යට සුබ පැතී­ම­ටත් කොන්ග්‍රස සභා­ප­ති­ව­රයා අම­තක කළේ නැත.

ඉන්දීය කොන්ග්‍ර­සයේ බල­කො­ටු­වක් මෙන්ම සිය මැති­ව­රණ ආස­න­යද වන උත්තර් ප්‍රාන්තයේ අමෙති ආස­නයේ දී ද අමි­හිරි පරා­ජ­යක් රස­වි­දී­මට රාහුල් ගාන්ධිට සිදු­වුණි.

ඒ භාර­තීය ජනතා පක්ෂයේ ප්‍රබල අමා­ත්‍ය­ව­රි­යක් මෙන්ම හිටපු රංගන ශිල්පි­නි­යක වන ස්මිත්‍රී ඉරානි හමු­වේයි.


නව අදහස දක්වන්න