දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ සෝදිසි මෙහෙයුම් | දිනමිණ

දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ සෝදිසි මෙහෙයුම්

අද ත් දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව හමුදාව පවසයි.

වැඩබලන හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න සඳහන් කළේ, ඒ සඳහා ත්‍රිවිධ හමුදාවම ඒකාබද්ධව එම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවය.

ඊයේ දිනයේ කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම හා කුරූණෑගල දිස්ත්‍රික්කවල යුද්ධ හමුදාව හා පොලීසිය ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණි.

මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න සඳහන් කළේ, එහිදි විවිධ හේතු මත සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් ස්ථාන වෙත භාරදුන් බව ද සඳහන්.

නව අදහස දක්වන්න