ජීවිතය ඉල්ලූ රෝගියාට කරාපිටියේ දී විස්මිත සැත්කමක් | දිනමිණ

ජීවිතය ඉල්ලූ රෝගියාට කරාපිටියේ දී විස්මිත සැත්කමක්

උරස් කුහරයේ හා උදර කුහරයේ මහා ධමනිය සෙන්ටිමීටර් හතක් පමණ ප්‍රසාරණය වීම නිසා ජීවිතයත් මරණයත් අතර පසු වු රෝගියකුට විස්මිත ශල්‍යකර්මයක් සිදුකර රෝගියාගේ ජීවිතය බේරාගැනීමට කරාපිටිය ශික්ෂණ රෝහලේ රුධිරවාහිනි හා අවයව බද්ධ කිරිම පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබේ.

මෙසේ සැත්කමට භාජනය කරනු ලැබුවේ හැත්තෑ හැවිරිදි අයෙකි. මොහුගේ උරස් කුහරයේ හා උදර කුහරයේ මහා ධමනිය මහා ප්‍රාචීරය හරහා සෙන්ටිමීටර් හතක් පමණ ප්‍රසාරණය වි තිබුණි. මෙය පුපුරායාමට ලක්වුවා නම් රෝගියා අනිවාර්යයෙන් ම මියයන බව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා පවසයි. මෙය ඉතා අවදානම් සැත්කමක් බව පවසන වෛද්‍යවරයා මෙවැනි සැත්කමක් දකුණු පළාතේ රෝහලක සිදු කළ පළමු අවස්ථාව බව ද හෙතෙම පෙන්වා දෙයි.

ලංකාවේ සිදුකොට ඇති මෙවැනි සැත්කම් අතුරින් සාර්ථක වි ඇත්තේ සැත්කම් කිහිපයක් පමණක් බව ද උඹේසිරි මහතා පවසයි. ශල්‍යකර්මයට පැය හයක පමණ කාලයක් ගතව ඇත. මේ රෝගියා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ප්‍රසාරණ වි තිබු මහා ධමනිය විවෘත කොට ඉතා සියුම් අයුරින් මෙම සැත්කම සිදුකොට තිබේ.

ලංකින්ද නානායක්කාර ඉමදුව සමුහ 

 

නව අදහස දක්වන්න