එක්සත් රාජ­ධා­නිය Huawei සම්බා­ධක ලිහිල් කරයි | දිනමිණ

එක්සත් රාජ­ධා­නිය Huawei සම්බා­ධක ලිහිල් කරයි

ගෝලීය කොටස් වෙළෙ­ඳ­පො­ළත් ඉහ­ළට

 

පසුගිය සතියේ එක්සත් රාජධානිය විසින් චීනයේ Huawei සමාගමට පනවා තිබූ සම්බාධක තාවකාලිකව ලිහිල් කිරීමත් සමඟ පසුගිය අඟහරුවාදා වන විට ගෝලීය කොටස් වෙළෙඳපොළේ වර්ධනයක් දක්නට ලැබිණි.

යුරෝපයේ Euro STOXX 600 කොටස් දර්ශකය 0.6% කින් ද ජර්මනියේ DAX දර්ශකය 1.1.%කින් ද, ප්‍රංශයේ CAC දර්ශකය 0.6% කින් ද වර්ධනය වී තිබිණ.

චීනයේ Shanghai Composite දර්ශකය ද 1.23%ක වර්ධනයක් පෙන්නුම් කළ අතර, දැවැන්ත සමාගම් සඳහා වන CSI300 දර්ශකය 1.35%ක වර්ධනයක් අත්කරගෙන තිබිණ.

ලොව දැවැන්තම ආර්ථිකයන් වන චීනය සහ එක්සත් රාජධානිය අතර වෙළෙඳ ආතතියක් නිර්මාණය කරමින් එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය විසින් පසුගිය සතියේ Huawei සමාගම එරට අසාදු ලේඛනයට ඇතුළත් කළේය.

කෙසේවෙතත්, දැනට පවතින ජාල පවත්වා ගැනීමට සහ මෘදුකාංග යාවත්කාලීන කිරීම් සිදුකර ගැනීම සඳහා වොෂින්ටනය අගෝස්තු මස 19 වනදා වන තුරු එක්සත් ජනපදයේ නිෂ්පාදන මිලදී ගැනීමේ අවස්ථාව Huawei Technologies සමාගමට ලබා දුන්නේය.

චීප නිෂ්පාදකයන්වන AMS, STMicroelectronics සහ ජර්මනියේ Infineon යන සමාගම් 2% සහ 6% අතර ප්‍රමාණයකින් දායකත්වය ලබාදුන් අතර සඳුදා දිනයේ 3%කට ආසන්න පසුබෑමක් පෙන්නුම් කළ තාක්ෂණ අංශය 1.6%ක වර්ධනයක් පෙන්නුම් කළේය.

වෙළෙඳ ආතතිය ලිහිල්වනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව හැසිරුණු වෙළෙඳපොළ තුළ ලන්ඩනයේ දැවැන්ත සමාගම්වන HSBC, Prudential සහ Standard Chartered යන සමාගම් දැවැන්ත සමාගම් සඳහා වන කොටස් දර්ශකයේ වර්ධනයට දායකත්වය ලබා දුන්නේය.

ආසියාවේ දැවැන්ත සමාගමක් වන Samsung Electronics සමාගම දකුණු කොරියාවේ KOSPI කොටස් දර්ශකය 0.3%කට ආසන්න ප්‍රතිශතයකින් වර්ධනය කිරීමට දායකත්වය ලබා දුන්නේය.

ලොව රාජ්‍යයන් 47ක් අධීක්ෂණය කරන MSCI ලෝක කොටස් දර්ශකය ඉන් පෙර දින දෙකේදී පෙන්නුම් කළ පසුබෑමින් අනතුරුව 0.1%ක වර්ධනයක් පෙන්නුම් කළේය.

ජර්මනියේ Daimler සමාගම ද 1.1%ක අමතර වර්ධනයක් පෙන්නුම් කළේය. එම සමාගම 20% කින් පරිපාලන වියදම් කපා දැමීමට තීරණය කර ඇති බව Handelsblatt නමැති ජර්මන් පුවත්පත වාර්තා කර තිබියදී මෙම වර්ධනය පෙන්නුම් කිරීම විශේෂත්වයකි. Daimler සමාගම මේ පිළිබඳ අදහස් පළ කිරීම ප්‍රතික්ෂේප කළේය.

ඉතාලියේ විශාලතම දුරකථන සමූහය වන Telecom Italia සමූහය ද පළමු කාර්තුව තුළ අපේක්ෂිත මට්ටමින් ආදායම් වාර්තා කිරීමෙන් අනතුරුව STOXX 600 දර්ශකයේ 1.9% ක වර්ධනයක් හිමිකර ගෙන ඇත.

 

මූලාශ්‍රය : ලන්ඩන් (රොයිටර්ස්)

පරිවර්තනය : හසිත කැකුලාවල

 

නව අදහස දක්වන්න