රාහුල් යන්න හදයි පක්ෂය ඉන්න කියයි | දිනමිණ

රාහුල් යන්න හදයි පක්ෂය ඉන්න කියයි

ධම්මික සෙනෙවිරත්න

පක්ෂ ප්‍රබ­ල­යන් සමඟ පැවැති සාක­ච්ඡා­ව­කදී “ඇයි අප පම­ණක්?” යනු­වෙන් රාහුල් ප්‍රති­චාර දක්වා ඇතැයි වාර්තා විය. ඉන් ඔහු අද­හස් කර ඇත්තේ පක්ෂ නාය­ක­ත්වය ගාන්ධි පවු­ලට සීමා­විය යුතු නැති බවය. කොන්ග්‍ර­සයේ සභා­ප­ති­ත්ව­යට ඕනෑම අය­කුට පත්විය හැකි බවද ඔහු පවසා ඇත.

ඉන්දීය මහ මැති­ව­ර­ණ­යේදී කොන්ග්‍රස් පක්ෂය ලැබූ දැවැන්ත පරා­ජ­යත් සමඟ පක්ෂ සභා­පති රාහුල් ගාන්ධි සිය ඉල්ලා අස්වීම ප්‍රකා­ශ­යට පත් කළේය. අනු­ප්‍රා­ප්ති­ක­යකු සොයා ගැනීම සඳහා ඔහු පක්ෂ නාය­ක­ත්ව­යට මාස­ය­ක කල් ලබා දී තිබේ. කෙසේ වුවද, කොන්ග්‍ර­සයේ ජ්‍යෙෂ්ඨ­යන් රාහු­ල්ගෙන් දැඩිව ඉල්ලා ඇත්තේ සභා­පති තන­තු­රෙන් ඉල්ලා අස් නොවිය යුතුය යනු­වෙනි. ඔහු කළ යුත්තේ ශක්ති­මත් විප­ක්ෂ­ය­කට නාය­ක­ත්වය ලබා­දීම බව ඔවුන්ගේ අද­හ­ස වී ඇත. සිය ජ්‍යෙෂ්ඨ­යන්ගේ ඉල්ලී­මට රාහු­ල්ගෙන් සුබ­වාදී ප්‍රති­චා­ර­යක් මෙතෙක් පළ වී නොමැත.

මීට දෙදි­න­කට පෙර කොන්ග්‍රස් පක්ෂය නිවේ­ද­නය කළේ මාස­යක කාල සීමා­වක් සඳහා රූප­වා­හිනී වාද විවාද වැඩ­ස­ට­හ­න්ව­ලට පක්ෂයේ නියෝ­ජි­ත­යන් සහ­භාගි නොක­ර­වී­මට තීර­ණය කළ බවය. මේ තීර­ණ­යට කරුණු 2ක් බලපෑ බව පැහැ­දි­ළියි. පළ­මු­වැන්න, රාහුල් සිය ඉල්ලා අස්වීම් තීර­ණය වෙන­ස්කර නොයන හෙයින් සිදු­විය හැක්කේ කුමක්ද යන ප්‍රශ්න­යට දැනට ඔවුන්ට පිළිතුරක් නොතිබීමෙන් ඔවුන්ම පව­සන පරිදි විශාල ජන­ව­ර­ම­කින් යළි බල­යට පත්වූ මෝදිගේ ආණ්ඩුව විවේ­ච­නය කිරී­මට මේ මොහොතේ ඔවුන්ට අවශ්‍ය නොවී­මය. මාධ්‍ය ගැන කොන්ග්‍ර­ස­යට නිර­න්ත­රව තිබූ විවේ­ච­න­යද මේ තීර­ණ­යට බල­පා­න්නට ඇත. ඔවුන් දිග­ටම කියා සිටියේ මාධ්‍ය මෝදිගේ ආණ්ඩු­වට බරව ඇති බවය.

පක්ෂ ක්‍රියාකාරීන්ගේ ඉල්ලීම්

තනි පක්ෂ­යක් ලෙස බී. ජේ. පී ය මේ මැති­ව­ර­ණ­යේදී දිනා­ගත් ආසන සංඛ්‍යාව 303 කි. එය ආණ්ඩු­වක් පිහි­ටු­වී­මට අවශ්‍ය ආසන සංඛ්‍යා­වට වඩා ආසන 30කටත් වැඩි සංඛ්‍යා­වකි. පාලක පක්ෂය සිය හවු­ල්කාර පක්ෂද සමඟ එක්ව ආසන 353ක් දිනා­ගෙන ඇත. මෙය 2014 මැති­ව­ර­ණ­යට වඩා බෙහෙ­වින්ම ඉහළ ප්‍රති­ඵ­ල­යකි.

රාහුල්ගේ සභා­ප­ති­ත්වය යටතේ පක්ෂය පරා­ජය වූයේ මැති­ව­රණ 2ක් පමණි. එහෙත් ඔහුගේ තීර­ණය වී ඇත්තේ සිය තන­තුර හා එම බල­තල වෙනත් අය­කුට පැවැ­රිය යුතු බවය. මේ අද­හ­සට කොන්ග්‍රස් ආධා­ර­ක­රුවෝ විරෝ­ධය පළ කරති. ඇතැම් පක්ෂ ක්‍රියා­කා­රීන් දැන­ට­මත් රාහුල්ගේ නිවෙස ඉදි­රි­පිට උප­වාස ආරම්භ කොට තිබේ. උප­වා­ස­ක­රු­වන් අතර දිල්ලියේ කොන්ග්‍රස් නායක විජායි ජාතන්ද සිටී. උප­වා­ස­ක­රු­වන් දැඩිව කියා සිටින්නේ රාහුල් ගාන්ධි සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉල්ලා අස්ක­ර­ගත යුතු බව සහ ඔහුගේ නාය­ක­ත්වය පක්ෂ­යට තව­දු­ර­ටත් අවශ්‍ය බවය.

මීට දින කිහි­ප­ය­කට පෙර රාහුල් සිය මෑණි­යන් වන සෝනියා ගාන්ධි, සොයු­රිය ප්‍රියංකා ගාන්ධි වඩ්‍රා සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ­යන් වන කේ. සී. වෙනු ගෝපාල් පක්ෂයේ ප්‍රධාන ප්‍රකා­ශක රන්දීප් සුර­ජි­වාලා වැනි ප්‍රබ­ල­යන් සමඟ සාකච්ඡා කර ඇති බව වාර්තා විය. පක්ෂය අභි­යෝ­ගා­ත්මක අව­දි­ය­කට අව­තී­ර්ණ වී තිබි­යදී ඔහු වග­කී­ම්ව­ලින් බැහැර විය යුතු නැති බව බොහෝ දෙනාගේ අද­හ­සය. ඔහුගේ තැන ගැනී­මට අයකු නොමැති බව පෙන්වා­දෙන ඔවුන් කියන්නේ රාහුල් පක්ෂයේ හඬට කන්නො­දු­න­හොත් පක්ෂ ක්‍රියා­කා­රීන් සාමු­හි­කව දිවි­නසා ගැනී­මට ඉඩ ඇති බවයි.

ප්‍රියංකා ගාන්ධිද රාහුල් ගේ තීර­ණ­යට එරෙ­හිවී තිබේ. ඇය පෙන්වා දෙන්නේ සභා­පති ධුර­යෙන් ඉල්ලා අස්වී­මෙන් ඔහු බී. ජේ. පී. උගු­ලට හසු­වනු ඇති බවයි. හිටපු අග­මැති ආචාර්ය මන් මෝහන් සිං ද රාහුල්ගේ තීර­ණය වෙනස් කර­ගන්නා මෙන් ඉල්ලා ඇත.

පක්ෂ ප්‍රබ­ල­යන් සමඟ පැවැති සාක­ච්ඡා­ව­කදී “ඇයි අප පම­ණක්?” යනු­වෙන් රාහුල් ප්‍රති­චාර දක්වා ඇතැයි වාර්තා විය. ඉන් ඔහු අද­හස් කර ඇත්තේ පක්ෂ නාය­ක­ත්වය ගාන්ධි පවු­ලට සීමා­විය යුතු නැති බවය. කොන්ග්‍ර­සයේ සභා­ප­ති­ත්ව­යට ඕනෑම අය­කුට පත්විය හැකි බවද ඔහු පවසා ඇත. මේ සාක­ච්ඡා­වෙන් පසුව පක්ෂ ප්‍රබ­ල­යන් වන ඒ. කේ. ඇන්තනී සහ ගුලාම් නබි අසාද් වාර්තා­ක­රු­වන් සමඟ කියා සිටියේ රාහුල්ගේ ඉල්ලා අස්වීම ඒක­ම­ති­කව ප්‍රති­ක්ෂේප කළ බවය.

මැති­ව­රණ ව්‍යාපා­ර­යේදී අග­මැති නරේන්ද්‍ර මෝදි ද නේරු ගාන්ධි රාජ­වං­ශ­යට දේශ­පා­ල­නි­කව පහර ගැසීය. ඔහු රාහුල් හැඳි­න්වූයේ “නාම­දාර්” (වංශ­වතා) යනු­වෙනි.

මෙවර මැති­ව­ර­ණ­යේදී රාහුල් සිය දෙවන ආස­නය ලෙස තෝරා ගත්තේ වය­නාද්ය. කේරළ මහ ඇමැති ජිනා­රාජ් විජ­යන් එම තීර­ණය විවේ­ච­නය කළේ අමෙති අසුන පරා­ජය වන බව දැන ඔහු මේ තීර­ණය ගෙන ඇතැයි කිය­මිනි. එය බී. ජේ. පී යට තල්ලු­වක් වනු ඇතැයි ද කී මහ ඇමැ­ති­ව­රයා මින් කියැ­වෙන්නේ කොන්ග්‍ර­සයේ සතුරා වම වැනි පණිවුඩයක් බවද කීවේය.

ප්‍රියංකාගේ ආගමනය

ප්‍රියංකා ගාන්ධි ද අපේක්ෂා කළ තරම් සාර්ථ­ක­ත්ව­යක් පෙන්නුම් කර නැත. ඇය පවසා තිබුණේ විජ්ජා පෙන්වී­මට නොහැකි බව හා පක්ෂය බිම් මට්ටමේ සිට සංවි­ධා­නය කළ යුතු බවය. 47 හැවි­රිදි ප්‍රියංකා පිළි­බඳ දේශ­පා­ල­නයේ අනා­ගත අපේක්ෂා දැල්වුණේ මීට විසි වස­ර­කට ඉහ­තදී ඇගේ පියා අග­මැති රජීව් ගාන්ධි සමඟ ජන­තාව අත­රට එද්දීය. එහෙත් ඇයගේ ක්‍රියා­කාරී දේශ­පා­ලන ආග­ම­නය විසි වස­රක් පමා විය. කොන්ග්‍ර­සයේ බොහෝ දෙනා විශ්වාස කරන්නේ ප්‍රියංකා මිත්ත­ණිය ඉන්දිරා ගේ දේශ­පා­ලන උරු­මය ඉදි­රි­යට ගෙන­යනු ඇති බවයි. ඇගේ මෑණි­යන් වන සෝනියා ගාන්ධි 1999 දී මැති­ව­ර­ණ­යට තරග කරද්දී සහ සොහො­යුරා රාහුල් 2004 දී මැති­ව­ර­ණ­යට තරග කර­ද්දීද ප්‍රියංකා එම මැති­ව­රණ ව්‍යාපා­ර­ව­ලට දාය­ක­ත්වය ලබා­දු­න්නාය. ඇතැම් නිරී­ක්ෂ­ක­යන්ගේ අද­හස ඇය පෙරට ඒමට ඉඩ ඇති බවයි. කෙසේ වුවද, එය සිදු­ව­නවා නම් වනු ඇත්තේ රාහුල් පිටි­යෙන් ඈත්ක­ර­මින් නොවේ.

නේරු ගාන්ධි පෙළ­පත් ඉන්දීය දේශ­පා­ල­න­යට හා ඉන්දි­යා­නු­වන් සමඟ බද්ධ වී තිබූ තරම මේ මැති­ව­රණ ප්‍රති­ඵ­ල­ව­ලින් පිළි­බිඹු නොවීය. එය යට­පත් කර­මින් දේශ­පා­ලන වංශ­ව­තකු නොවන මෝදි මතු­වූයේ 2014 දීමය. ඔහුගේ දැඩි ජාති­ක­වාදී නැඹු­රුව ජය­ග්‍ර­හ­ණයේ සූත්‍රය ලිවී­මේදී තීර­ණා­ත්මක සාධ­ක­යක් වූ බව පැහැ­දිලි වේ.

ඉන්දීය සමා­ජය සමා­ජ­යීය ආර්ථි­ක­මය හා සංස්කෘ­ති­ක­මය වශ­යෙන් ද වෙන­ස්ක­ම්ව­ලට ලක්වෙ­මින් පවතී. කුල පීඩ­නය බර­ප­තළ ගැට­ලු­වක්ව තිබූ ඉන්දි­යාවේ කුල­හීන ප්‍රජාව නියෝ­ජ­නය කර­මින් මායා­වතී වැනි චරිත පෙරට පැමිණ ඇත. අලුත්ම සංඛ්‍යා ලේඛ­න­ව­ලට අනුව එම ප්‍රජාව 16%ක් තරම් වේ. (ඉන්දීය ජන­ග­හ­නය මිලි­යන 200කි) අම්බෙ­ඩ්කාර්ගේ මැදි­හ­ත්වීම මත මහා­රා­ෂ්ටය, උත්තර ප්‍රදේ­ශය, තමි­ල්නා­ඩුව සහ තවත් ප්‍රාන්ත කිහි­ප­යක කුල­හීන ජන­කො­ට­ස්ව­ලට බුදු­ද­හම ආලෝ­ක­යක් වී තිබේ. බහු­ජන සමා­ජ­වාදී පක්ෂය, ඉන්දීය ජන­රජ පක්ෂය ඇතුළු දේශ­පා­ල­නික පක්ෂ 7ක් පමණ ඉන්දීය දේශ­පා­ලන කර­ළියේ සිටී. මෙම ප්‍රජාව නියො­ජ­නය කළ නාය­ක­යකු වන කේ. ආර්. නාරා­යන් 1997 දී ඉන්දි­යාවේ ජනා­ධි­පති පද­වි­යට පත් විය. උත්තර ප්‍රදේශ මහ ඇමැ­තිනී මායා­වතී තුළ අනා­ගත අග­මැති අපේක්ෂා ඇති බව පෙනෙ­න්නට තිබේ.

කාන්තා නියෝජනය

ඉන්දීය දේශ­පා­ල­නයේ කාන්තා නියෝ­ජ­නය ද වර්ධ­නය වෙමින් පවතී. එරට ඉති­හා­සයේ වැඩිම කාන්තා නියෝ­ජි­ත­ව­රි­යන් පිරිස පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වූයේ මෙවර මැති­ව­ර­ණ­යෙනි. ඔවුන් 78 දෙනෙකි. ඉන්දීය කාන්තා­වන් විසින් අග­මැති, ජනා­ධි­පති ධුර දෙකම හොබවා ඇති රටක් බවද අම­තක කළ යුතු නොවේ.

මෙවර පාර්ලි­මේ­න්තුවේ කාන්තා නියෝ­ජ­නය ප්‍රති­ශ­ත­යක් ලෙස 14%කි. එනම් මන්ත්‍රී ආසන 542න් 78කි. එම 78 දෙනා තේරී පත් වුයේ අපේ­ක්ෂි­කා­වන් 717ක් අත­රිනි. මැති­ව­ර­ණ­යට තරග කළ සමස්ත අපේ­ක්ෂක සංඛ්‍යාව 8049කි. එරට ඉති­හා­සයේ වැඩිම අපේ­ක්ෂි­කා­වන් පිරි­සක් තරග කළ මැති­ව­ර­ණ­යද මෙයයි.

පසු­ගිය පාර්ලි­මේ­න්තුවේ කාන්තා නියෝ­ජ­නය 62කි. මෙතෙක් පත්වූ මන්ත්‍රී­ව­රි­ය­න්ගෙන් 76% එම උපා­ධි­ධා­රි­ණි­යන්ය. 17දෙනෙක් 12 ශ්‍රේණිය දක්වා ඉගෙ­නුම ලබා ඇත. 8 දෙනෙක් ජන­ප්‍රිය නිළි­යන් ය.

කාන්තා නියෝ­ජ­නය අතින් ඉදි­රි­යෙන්ම සිටින්නේ උත්තර ප්‍රදේ­ශ­යයි. ජම්පු - කාශ්මීර් ඇතුළු ප්‍රාන්ත 8කට එකම මන්ත්‍රී­ව­රි­යක් හෝ පත් වී නැත. මෙවර මැති­ව­ර­ණ­යේදී වැඩිම අපේ­ක්ෂි­කා­වන් සංඛ්‍යාව වන 54 දෙනකු ඉදි­රි­පත් වූයේ කොන්ග්‍ර­ස­යෙනි. බී. ජේ. පී. යෙන් කතුන් 53ක් ඉදි­රි­පත් වූහ. කොන්ග්‍ර­ස­යෙන් තේරී­පත් වූයේ එකම මන්ත්‍රී­ව­රි­යකි. ඇය සෝනියා ගාන්ධිය. ස්වාධීන අපේ­ක්ෂි­කා­වන් 222 දෙනෙක් තරග කළද තේරී­පත් වූයේ දෙදෙ­නෙක් පමණි. ඉන්දීය ඉති­හා­සයේ ළාබා­ලම මන්ත්‍රී­ව­රිය ලෙස 25 හැවි­රිදි චද්‍රාන් මුර්මු පත්ව සිටී. ඇය ඉංජි­නේරු උපා­ධි­ධා­රි­ණි­යකි.

සාම්ප්‍ර­දා­යික ඉන්දීය දේශ­පා­ල­නය වෙන­ස්ක­ම්ව­ලට ලක්වෙ­මින් පවතී. කෙසේ වුවද ඉන්දි­යා­නු­වන් වැඩි දෙනා තව­මත් තරුණ දේශ­පා­ල­න­ඥ­යන්ට වඩා පරි­ණත දේශ­පා­ල­න­ඥ­යන් කෙරෙහි විශ්වා­සය තබන බව පෙනෙ­න්නට තිබේ. මෝදිගේ ජය­ග්‍ර­හ­ණය මඟින් පිළි­බිඹු වන්නේ එයයි.

ලොව දෙවන විශා­ල­තම මුස්ලිම් ජන­ග­හ­නය සිටින්නේ ඉන්දි­යා­වේය. එසේ වුවද ඔවුන් එරට දේශ­පා­ල­නයේ කැපී­පෙ­නෙන නියෝ­ජ­න­යක් කරන්නේ නැත. බී. ජේ. පී. ය ප්‍රමුඛ පාලක සභා­ගයේ කිසිදු මුස්ලිම් මන්ත්‍රී­ව­ර­යකු නොමැති බව වාර්තා වේ.

කොන්ග්‍ර­සයේ ඊළඟ පරි­ච්ඡේ­දය ද රාහුල් විසින්ම ලියනු ඇතිද යන්න තව­මත් කිව නොහැ­කිය. ඔහු සිය මත­යේම පිහිටා සිටින්නේ හෘද සාක්ෂි­යට එක­ගව විය හැකිය. කෙසේ­වුව සභා­පති පද­විය හැර­යා­මේදී සෝනි­යාගේ ඉල්ලීම මෙන්ම පක්ෂ ප්‍රබ­ල­යන්ගේ ඉල්ලීම් රාහුල්ට පීඩ­න­යක් එල්ල කරනු නිසැ­කය.


අදහස් 1ක් ඇත

barima nisa thamayi yanna one!

නව අදහස දක්වන්න