නවසීලන්තය දිනයි - දිමුත්ගෙන් වාර්තාවක් | දිනමිණ

නවසීලන්තය දිනයි - දිමුත්ගෙන් වාර්තාවක්

2019 ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟය මිට සුළු මොහොතකට පෙර අවසන් විය. 

එහිදී කඩුලු 10 ජයක් ලබාගැනීමට නවසිලන්ත කණ්ඩායම සමත් විය. 

කාසියේ වාසිය දිනාගත් නවසිලන්ත නායක කේන් විලියම්සන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරන ලදී. 

එහිදී නවසිලන්ත පන්දු යවන්නන් හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 29 පන්දු 2 තුල සියලු දෙනා දැවී ලකුණු 136කට සිමා විය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ නායක දිමුත් කරුණාරත්න නොදැවී 52ක් ලබාගැනීමට සමත් විය. 

එය ලෝක කුසලාන ඉතිහාසයේ එක් ක්‍රීඩකයෙකු සමස්ත ඉනිම පුරා නොදැවී සිටි දෙවන අවස්ථාව ලෙස වාර්තා අතරට එක් විය. 

පන්දු යැවීමේදී මැට් හෙන්රි සහ ලොකී ෆර්ගියුසන් කඩුලු 3 බැගින් දවාගන්නා ලදී.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසිලන්ත කණ්ඩායම පන්දුවාර 16 එක් පන්දුවක් තුල කිසිවෙකු නොදැවී ජයග්‍රාහී ලකුණු සීමාව පසු කිරීමට සමත් විය. 

එහිදී මාටින් ගප්ටිල් ලකුණු 73ක්ද, කොලින් මුන්රෝ ලකුණු 58ක්ද ලබාගැනීමට සමත් විය. 

තරඟයේ වීරයා බවට නවසිලන්ත කණ්ඩායමේ මැට් හෙන්රි පත්විය. 

 

අදහස් 2ක් ඇත

නව අදහස දක්වන්න