පරිසර අභියෝගය දිනන ජනපති මෙහෙයුම | දිනමිණ

පරිසර අභියෝගය දිනන ජනපති මෙහෙයුම

මිනිසා හා පරිසරය අතර පවතින්නේ අන්‍යෝන්‍ය සබඳතාවයකි. වාසස්ථාන, ගොඩනැගිලි, ඉඩම්, පස, ජලය, වායුගෝලය, දේශගුණය, ශබ්දය, ගඳ, රස හා සෑම පාංශුස්ථරයකම සතුන්ගේ හා ශාකවල ජෛවි සාධක ඇතුළුව මනුෂ්‍යයන්ගේ වටපිටාවන්හි පවතින භෞතික සාධකයන් අප පරිසරය ලෙස හඳුන්වන්නෙමු. ලෝකය වේගවත් සංවර්ධනයට මෙන්ම කාර්මිකරණයට ලක්වෙමින් තිබෙන අවදියක පරිසරය විනාශය කරා ගමන් කරමින් තිබේ. පරිසරය කෙරෙහි සිදුකරන විනාශයන් සහ මිනිසාගෙන් සිදුවන අහිතකර බලපෑම් සෘජුව හෝ වක්‍රව නැවත මිනිසා කෙරෙහිම බලපෑම් ඇති කරයි. ඒ අනුව සලකා බැලීමේදී පරිසරය සුරක්ෂිත කිරීම මානව වර්ගයාගේ ඉදිරි පැවැත්මට බෙහෙවින් බලපානු ඇත.

අපට පරිසරය දෙයාකාරයකින් එනම් ස්වභාවික පරිසරය හා නිර්මිත පරිසරය ලෙස දැකිය හැකිය. අප මෙන්ම සතුන් ජීවත්වන ගස්වැල් ගංගා ඇළ දොළවලින් සපිරුණු ස්වභාවික පරිසරය එහි මුල්තැන ගන්නා අතර අනෙක අප භාවිතා කරන කෘත්‍රිම පරිසරයයි. එම පරිසරය නිර්මිත පරිසරය ලෙසද හැඳින්වේ. එය මිනිසා විසින් තම අවශ්‍යතාවයට අනුව කෘත්‍රිමව ගොඩනඟා ගන්නා ලද පරිසරයයි. අප හට ආරම්භය පටන් ස්වභාවයෙන්ම උරුම වූ ස්වභාවික පරිසරය මිනිසා විසින් විනාශ කර දමන මොහොතක අප මුහුණදෙන ගැටලු අතර ප්‍රධාන තැනක් ගන්නේ මිහිතලය උණුසුම්වීම, ඕසෝන් ස්ථරය හීනවීම, කාලගුණික විපර්යාසය, වනහරණය, කාන්තාරිකරණය, ජල දූෂණය යනාදියයි.

අද වනවිට පරිසරය සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් ඇතිව තිබෙන්නේ අප මානවයා විසින් පරිසරය රැකීමට වඩා පරිසරය විනාශ කිරීමට මුල්තැන දෙමින් කටයුතු කරන නිසාය. එය වළක්වාලීම පිණිස තද නීතිරීති හඳුන්වාදීමට ආණ්ඩුවට සිදුව ඇත. ජනතාව සිය වගකීම් පැහැර හරිනවිට ඒවා රැකගැනීම සඳහා නීති රාමුව යොදාගැනීමට සිදුවන්නේය. බොහෝ මිනිසුන් සිතන්නේ මේ පරිසරය ගස් වැල් තමන්ට පමණක්ම අයිති ඒවා ලෙසය. එලෙස වැරදි අවබෝධයකින් පසුවීම මේ පරිසර විනාශයට මූලික වශයෙන් හේතුවී තිබේ.

රටක් වශයෙන් මෙම ගැටලුවලට මුහුණ දෙමින් මේ පාරිසරික අභියෝගයන් ජයගැනීම උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට අමතරව පාරිසරික ඇමැතිවරයා ලෙස පසුගිය සිව් වසර පුරා දැරූ උත්සාහය ජාතික වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන්ද පැසසුමට ලක්විය. මෙරට තුළ පරිසර සුරක්ෂාව වෙනුවෙන් කරන ලද මෙහෙයත් ආසියාකරය ඒ වෙනුවෙන් උනන්දු කරවීමත් ජනාධිපතිවරයා ජාතික මෙන්ම අන්තර්ජාතික පරිසරවේදීන්ගේ ඇගයීමටද ලක්විය.

පරිසරය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකරන ලද මෙහෙය වරෙක ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ඩ්ගේ මෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් ලෙස සිටි බෑන් කී මූන්ගේ පමණක්ම නොව ලෝක නායකයන් බහුතරයකගේ ඇගයීමට ලක්ව තිබුණු අතර එය මෙරටට ලැබුණු මහත් කීර්තියක් ලෙස සැලකිය හැකිය. අද ශ්‍රී ලංකාව පමණක් නොව මුළුමහත් ලෝකයම විශාල පරිසර අභියෝගයකට මුහුණ දෙමින් පවතී.

2015 වසරේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අතිශ්‍යයෙන්ම වැදගත් වන්නේ එය පරිසරය පිළිබඳ ජාත්‍යන්තර අවධානයට ලක්කිරීමට මෙරටට ලැබුණු මහත් කීර්තියක් ලෙස සැලකිය හැකිය. අද ශ්‍රී ලංකාව පමණක් නොව මුළුමහත් ලෝකයම විශාල පරිසර අභියෝගයකට මුහුණ දෙමින් පවතී.

2015 වසරේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අතිශ්‍යයෙන්ම වැදගත් වන්නේ එය පරිසරය පිළිබඳ ජාත්‍යන්තර අවධානයට ලක්කිරීමට සමත්වීම නිසාය. ඒ වනවිට පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව සිය උත්කෘෂ්ඨ පරමාර්ථයක් ලෙස යොමු වූයේද ලෝක දේශගුණික විපර්යාසය පිළිබඳවය. එහෙත් මේ සියල්ලට වඩා පැරිස් සමුළුව පැවැත්වූයේ ලොවම දේශගුණික හා කාලගුණික විපර්යාස පිළිබඳ දැවැන්ත අභියෝගයකට මුහුණ පා සිටින මොහොතකය. ලෝක දේශගුණික විපර්යාස හමුවේ වැදගත් සන්ධිස්ථානයකට පැමිණීම අරභයා පැවැති පැරිස් සමුළුවට සහභාගිවීම සඳහා එහි ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව එදා මහත් අභිමානයෙන් පිළිගනු ලැබුවේ එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් හා ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා ඕලන්දේ ඇතුළුව අමාත්‍යවරුන් විසිනි.

ලෝකයේ ප්‍රධාන වශයෙන් හරිතාකාර වායු විමෝචනය සිදුකරන අමෙරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව වැනි රටවල් මේ ගැන අවධානය යොමුකළත් නැතත් 2015 පැරිස් දේශගුණික සමුළුව ඊට පෙර දේශගුණික සමුළුවලට වඩා ඉදිරිගාමී පියවරක් ගෙන තිබුණි.

ඊට පෙර ලෝක දේශගුණික සමුළුවලින් ඉදිරිපත් කෙරුණු පොදු මානවවාදී සම්මුතීන් හිතුවක්කාර ලෙස ප්‍රතික්ෂේප කළ අමෙරිකා එක්සත් ජනපදය වැනි බලවත් රටවල් සිය අතපසු කිරීම් නිවැරැදි කරගෙන හරිතාගාර වායු විමෝචනය සීමා කිරීම පිළිබඳ සම්මුතියකට එකඟතාව පළකිරීම එම පැරිස් සමුළුවේදී දුටු විශේෂත්වයක් විය.

ප්‍රධාන පෙළේ ලෝක නායකයන් 147 දෙනකු සහභාගි වූ දේශගුණික සමුළුවට ගිය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එහි ප්‍රධාන දේශනය පැවැත්වීමට සැලසීම එතුමන් පරිසරය වෙනුවෙන් කරන ලද කැපකිරීමට ජාත්‍යන්තරය දැක්වූ උපකාරයකි. ආරම්භයේ සිටම පරිසරයට ආදරය කළ පරිසරය වෙනුවෙන් මහත් කැපකිරීමක් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඩ්ස් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ මෙවර සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ලැබුණු අවස්ථාව මෙරටට හිමි වූ මහත් කීර්තියක් ලෙස සැලකිය හැකිය.

සංවර්ධනය වෙමින් පවත්නා රටක් ලෙස හා නිවර්තන කලාපීය දිවයිනක් ලෙස දේශගුණික විපර්යාසයේ බලපෑමට නිරන්තරයෙන් ගොදුරු වන රටක් විදිහට සිංගප්පූරුවේදී පැවැත්වෙන ආසියානු ශාන්තිකර කලාපීය රටවල් 40 ක නායකයන් අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන පරිසර අමාත්‍යවරුන්ගේ සහ ආයතන ප්‍රධානීන්ගේ සමුළුව අපට මෙන්ම මුළු ලොවටම වැදගත්ය.

මිහිතලය ආරක්ෂා කර ගැනීම සඳහා ලොව සියලුම රටවල් අනුගමනය කළ යුතු ක්‍රම හා විධි සහිත ඓතිහාසික ලියවිල්ලක් වූ පැරිස් සම්මුතිය ශ්‍රී ලංකාව තුළ තහවුරු කරමින් බලාත්මක කිරීමට කටයුතු කළ බවට වූ වාර්තාව එදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා වෙත පිළිගන්වනු ලැබීය. මෙම සියවස තුළ ගෝලීය උෂ්ණත්වය කාර්මීකරණයට පෙර තිබුණු උෂ්ණත්වය මෙන් සෙන්ටිග්‍රේට් අංශක 02 කට වඩා අඩුවෙන් පවත්වා ගැනීම සඳහා සියලු රටවල් එක්සත් කිරීම මෙම සම්මුතියේ මූලික අරමුණ විය.

ලොව අනාගත ඉදිරි ගමන හා ජනතාවගේ සුඛවිහරණය තීරණය කරන සුවිශේෂී සම්මුතියක් ලෙස මෙම සම්මුතියට ශ්‍රී ලංකාව ද අනුගතව සිටින අතර එම සම්මුතිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර බලාත්මක නීතියක් බවට පත්කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලෙස මෙන්ම පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා අදාළ වාර්තාව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත භාරදුන් අතර පරිසරය කෙරෙහි ඉතා සංවේදී රාජ්‍ය නායකයකු වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වෙනුවෙන් දක්වන ලද සුවිශේෂී කැපවීම මහලේකම්වරයාගේ විශේෂ පැසසුමටද ලක්විය.

පරිසරය සුරැකීම පිළිබඳ දේශීය මෙන්ම විදේශීය වශයෙන් අවධානයට ලක්වූවත් මෙරට එය ප්‍රායෝගිකව යථාර්ථයක් බවට පත්කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. වායු දූෂණ කළමනාකරණය පිළිබඳ අන්තර්ජාතික සමුළුවක් 2014 සහ පාරිසරික තිරසාර ප්‍රවාහනය පිළිබඳ ආසියානු කලාපීය සංසදය විසින් සංවිධානය කළ ඒකාබද්ධ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්ද 2014 නොවැම්බර් 19 සිට 21 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.

මුල්වරට 2001 වර්ෂයේදී හොංකොංහිදී පැවැත්වුණු වායු තත්ත්ව ජාත්‍යන්තර සමුළුව ආසියානු කලාපය තුළ පිරිසිදු වාතය හා තිරසාර ප්‍රවාහන ක්‍රම තුළින් සෞඛ්‍යමත් සමාජයක් බිහිකරලීම උදෙසා වූ මීළඟ පරපුරෙහි විසඳුම් යන තේමාව යටතේ වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ අන්තර් ජාතික සමුළුව ආසියාවේ පැවැත්වූ විශාලතම සමුළුව එය වන අතර ඊට ආසියාවෙන් හා ලෝකයේ අනෙකුත් රටවල්වලින් 500 කට වැඩි නියෝජිතයින් පිරිසක් සහභාගි වී ඇත. එහිදී ප්‍රවාහනය, බලශක්තිය, කර්මාන්ත, පිරිසිදු ඉන්ධන හා රථවාහන, වායු තත්ත්වය හා දේශගුණික විපර්යාසයන් යන ක්ෂේත්‍රයන් පිළිබඳව ඒ ඒ රටවල ප්‍රතිපත්තීන් හා මිනුම් දඬු කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමුකරමින් නවතම පර්යේෂණ සහ ඒවායේ ප්‍රතිඵල මත පදනම්ව සාකච්ඡා කෙරිණි.

මේ ආකාරයෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පරිසරය හා සම්බන්ධ සමුළු ගණනාවක් පැවැත්වූවද ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළුමහත් ආසියාවේම පරිසරය පිළිබඳ සුවිශේෂී අවධානයක් ඇති කිරීමට හැකිවූයේ 2015 ජනවාරි මස 09 වැනිදා ජනාධිපති ධුරයට පත්ව පරිසර විෂය ද සිය භාරයට ගෙන සිදුකරන ලද මෙහෙය නිසාය.

 

ටී. චන්ද්‍රසේකර

නව අදහස දක්වන්න