ගල්කිස්ස වෙරළ තීරයේ පිරිසිදු කිරිම් අද සිට | දිනමිණ

ගල්කිස්ස වෙරළ තීරයේ පිරිසිදු කිරිම් අද සිට

තෙල් තට්ටුවක් හේතුවෙන් අපවිත‍්‍ර වී තිබූ දෙහිවල, ගල්කිස්ස සහ වැල්ලවත්ත වෙරළ තීර පිරිසිදු කිරිමේ කටයුතු යළි සිදුකෙරේ.
 
ප‍්‍රදේශයට ඇදහැළුනු වර්ෂාවත් සමඟ ඊයේ(02) සිදුකළ පිරිසිදු කිරිමේ කටයුතු තාවකාලිකව නතර කිරිමට සිදුවිය. 
 
වෙරළ තීරයට මෙලෙස තෙල් එක්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. නෞකාවකින් සිදුවූ තෙල් කාන්දුවීමක් මෙයට හේතු වන්නට ඇති බවට විශ්වාස කෙරනු ලැබේ. ඒ පිළිබඳ සොයා බැලීමට වෙරළ ආරක්ෂක බළකායට අයත් නෞකා කිහිපයක් ද යොදවා ඇත.

නව අදහස දක්වන්න