විදේශීය රටක කිසිම හමුදාවක් මෙරටට ගෙන්වන්නේ නැහැ | දිනමිණ

විදේශීය රටක කිසිම හමුදාවක් මෙරටට ගෙන්වන්නේ නැහැ

පොළොන්නරුවේ දී ජනපති කියයි

විදේශීය රටක හමුදාවක් කිසිම අවස්ථාවක කිසිම අයුරකින් මෙරටට ගෙන්වීමට මා ජනාධිපති ධූරයේ සිටින තුරු කටයුතු නොකරන බවත් ඊට ඉඩ ලබා නොදෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කෙළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කෙළේ පසුගිය දා (1) පස්වරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමිනි.

විදේශීය හමුදාවන් මෙරටට නොගෙන්වන ලෙසත්, එසේ ගෙන්වනවා නම් ඊට මා විරුද්ධ බවටත් මහානායක ස්වාමින් වහන්සේලා සිදු කළ ඉල්ලීමක් පිළිබඳ පුවත්පතක පළවී තිබුණා.ජනාධිපතිතුමා කියා සිටියේ කිසිම විදේශීය හමුදාවක් මෙරටට ගෙන්වීමට ආණ්ඩුව කිසිම තැනක කිසිවකු සමඟ එකඟතාවක් ඇති කරගෙන නැහැ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩුඅදායම් ලාභී ජනතාව වෙනුවෙන් සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් පැවති මෙම උත්සවය හතර ඇළ රජ රට නවෝදය ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි.

රටේ අඩුආදායම්ලාභි ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවමින් දිළිඳු බව තුරන් කිරීමට ආණ්ඩුව ගත් පියවර රැසක් ගත්තා.

සැමදා ප්‍රතිලාභකු නොවී ස්වශක්තියෙන් නැඟී සිටීමේ වැදගත්.ඊට අත්වැල සැපයීමට ද වත්මන් ආණ්ඩුව වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා. රටේ දුගී භාවය වැඩිවීමට පවතින හේතු ගණනාවක් තිබෙනවා. අතැම් දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරින් සොරකම් කිරීම මෙන්ම රජයට ලාභ උපයාදෙන රාජ්‍ය ආයතනවල සිදුවන බරපතළ වංචා සහ දූෂණ හේතුවෙන් එම ආයතන අතිවිශාල අලාභයක් ලැබීමත්, ඒ හේතුවෙන් රට හමුවේ ගොඩනැගී ඇති ණය කන්දත් රටේ දුගී භාවය ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. අප ජාතියක් ලෙස නිදහස ලබාගත්ත ද ආර්ථික නිදහසක් ලබාගත නොහැකි වී ඇත්තේ ආණ්ඩුවේ ඉහළ සිට පහළට සිදුවන එම වංචාව සහ දූෂණය නිසායි.

මහ ජනතාව නොමඟ යවමින් ඇතැමුන් මාධ්‍ය ඔස්සේ ගෙන යන අසත්‍ය ප්‍රචාර පිළිබඳව කනගාටු වෙනවා. රට තුළ අවුල්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ මෙම පටු අවස්ථාවදීන්ගේ අසත්‍ය ප්‍රචාර හේතුවෙන්. එහිදී රට වෙනුවෙන් මාධ්‍ය වෙත ද වගකීමක් පැවරී තිබෙනවා.

අද මා රට වෙනුවෙන් ලෝකය දිනාගෙන තිබෙනවා. සියලු ලෝක නායකයන්ගේ සහය මට හිමිව තිබෙනවා.දෙවැනි වරටත් ඉන්දීය අගමැති ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතා ලබන සතියක් මගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවට පැමිණෙනවා.ත්‍රස්තවාදී සිදුවීමක් සිදු වී ඉතාමත් කෙටි කලක් තුළ සාමකාමී පරිසරයක් උදා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වීම පිළිබඳ ප්‍රසාදය පළා.

දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභින් 8900 ක් වෙනුවෙන් ප්‍රතිලාභ ප්‍රදානය සංකේතවත් කරමින් කිහිප දෙනකු වෙත ප්‍රතිලාභ බෙදාදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

රුක් රෝපණ වැඩසටහන යටතේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත අඹ පැළ බෙදා දීමක් ද ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.

අැමැති දයා ගමගේ, රාජ්‍ය අැමැති වසන්ත සේනානායක, තමන්කඩුව ප්‍රදේශීය සභාවේ සභාපති පේ්‍රමසිරි මුණසිංහ, නගරාධිපති චානක සිදත් රණසිංහ, දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මැදිරිගිරිය සමුහ සහ දමන සමුහ
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න