Kindai Kagaku Lanka විසිවැනි සංවත්සරය සමරයි | දිනමිණ

Kindai Kagaku Lanka විසිවැනි සංවත්සරය සමරයි

දේශීය හා විදේශීය වෙළෙඳපොළේ රූපලාවන්‍ය නිෂ්පාදන අතර විශිෂ්ට කීර්තියක් අත්කරගෙන සිටින ඩ්‍රීම්රෝන් නිෂ්පාදන පෙළ හඳුන්වා දුන් Kindai Kagaku Lanka (pvt) Ltd ආයතනය සිය විසිවැනි සංවත්සරය සමරයි. පුරා වසර විස්සක දීර්ඝ කාලපරිච්ඡේදයක් තුළ පැමිණි ගමන්මඟ සිහිපත් කරමින් මෙම සංවත්සර උත්සවය පසුගියදා ඩ්‍රීම්රෝන් නිෂ්පාදන පරිශ්‍රයේදී චාරිත්‍රානුකූලව චාම් ලෙස පැවැත්විණි.

ගතවූ වසර විස්සක කාලය තුළ ඩ්‍රීම්රෝන් රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා දෙස් විදෙස් වෙළෙඳපොළේ ඇති ඉල්ලුම ශීඝ්‍ර ලෙස ඉහළ යාම එම ආයතනයේ සාර්ථකත්වයට කදිම නිදසුනකි. මෙම කාලය තුළ ජපානය, ඕස්ට්‍රේලියාව, වියට්නාමය, ඉරානය, ඉරාකය, ඩුබායි, ඉන්දියාව, පාකිස්තානය, හොංකොං, බංග්ලාදේශය, මියන්මාරය ඇතුළු රටවල් ගණනාවකට තත්ත්වයෙන් උසස් රූපලාවන්‍ය නිෂ්්පාදන බෙදා හරිමින් කීර්තිනාමය හා විශ්වාසය දිනාගැනීමට ඩ්‍රීම්රෝන් ආයතනය සමත් වි තිබේ.

නව අදහස දක්වන්න