තොරතුරු තාක්ෂණය සමාජ ප්‍රගමනය සඳහා විය යුතුය | දිනමිණ

තොරතුරු තාක්ෂණය සමාජ ප්‍රගමනය සඳහා විය යුතුය

LIRNE asia ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනී හෙලනි ගල්පාය

තොරතුරු තාක්ෂණය පිළිබඳ පර්යේෂණ හා අධ්‍යයන වඩාත් අත්‍යවශ්‍යව ඇත්තේ එහි සමාජ බලපෑම ඉහළ ගොස් ඇති නිසයි. පසුගිය සතියේ ජනගත කෙරුණු ICT acces and use in Asia and the Global south නමැති පර්යේෂණය ජාත්‍යන්තර මට්ටමින් මේ ක්ෂේත්‍රය පිළිබඳව විධිමත්ව කෙරුණු පර්යේෂණයකි. විවිධ පැතිකඩ, මෙන්ම විවිධ මානයන් ඔස්සේ කරන ලද එම පර්යේෂණයෙන් ඉස්මතු වන දත්තයන් උද්ගත වී ඇති සමාජ ආර්ථික ,මෙන්ම සංස්කෘතික ගැ‍ටලු පිළීබඳ විවරණයක් ලෙස හඳුනාගත හැකියි.Lirne asia ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරිණීය මෙන්ම පර්යේෂණයේ ප්‍රධාන පර්යේෂිකාව වන හෙලනි ගල්පාය සමඟ කරන ලද සාකච්ඡාවකි මේ.

පර්යේෂණ සඳහා මාතෘකා බොහෝ තිබියදී ඔබ ආයතනය මෙවැනි ක්ෂේත්‍රයක් තෝරා ගත්තේ ඇයි?

අපගේ පර්යේෂණ ආයතනය ආරම්භ කළේ 2014 වර්ෂයේදී මුල් පර්යේෂණයේ සිට මේ දක්වා අපි තොරතුරු තාක්ෂණය පිළිබඳ වැඩි වශයෙන් පර්යේෂණ සිදුකර තිබෙනවා. තොරතුරු තාක්ෂණය පිළිබඳ පර්යේෂණ ලෝකයටම පොදු අවශ්‍යතාවක්, අපගේ පර්යේෂණ වඩාත් වැදගත් වෙන්නේ ‍තොරතුරු තාක්ෂණයේ සංවර්ධනයටත් වඩා ඒ හා බැඳුනු අනෙකුත් ක්ෂේත්‍රයන්ගේ සංවර්ධනය සඳහායි. අධ්‍යාපන ක්ෂේත්‍රය, ගමනාගමනය, වෙළෙඳ පොළ, සෞඛ්‍ය , මේ සෑම ක්ෂේත්‍රයකටම මෙම දැනුම වැදගත් වෙනවා. මේක වැදගත් නොවන්නේ නීතිය, පුද්ගල හැකියාවන් වැනි සීමිත දේවල් කීපයකට පමණයි. උදාහරණයක් විදිහට මම තොරතුරු තාක්ෂණය භාවිතා කරලා දුම්රියක් එන වෙලාව ,අදාළ ස්ථානයට ළඟාවියහැකි වෙලාව, ඒ සඳහා වැයකළයුතු මුදල, ටිකට් වෙන්කර ගැනීම් ආදී සියල්ල කළ හැකි වුවත් අදාළ දුම්රියට ගොඩවීම සඳහා මගේ කකුල් වාරු නැතිනම් ඒ තාක්ෂණය භාවිත කිරීමට මට හැකියාවක් ලැබෙන්නේ නෑ එවැනි දේ හැර , සමාජයේ විවිධ සංස්ථාවන්ට මින් ඇති බලපෑම ඉහළයි, පුද්ගලාන්තර සන්නිවේදනය වෙනස්වී ඇති අතර, ඩිජිටල් සන්නිවේදන සබඳතා වල ස්වරූපය වෙනස්වී තිබෙනවා. ඒ නිසාම බොහෝ ගැටලු ඇතිවී තිබෙනවා.

ඔබ පවසන්නේ ඩිජිටල් අවකාශය හා සාමාන්‍ය ජීවිතය අතර පරතරයක් පවතින බවද?

සාමාන්‍ය ජීවිතේ අපි කෙනෙක් සමඟ සන්නිවේදනයේ යෙදෙන ක්‍රමයට නොවේ ඩිජිටල් අවකාශයේදී සන්නිවේදනයේ යෙදෙන්නේ.සාමාන්‍ය ජීවිතේදී පවතින නීති රීතිවලට වඩා වෙනස් ඩිජිටල් අවකාශයේ භාවිතය. ඇත්තෙන්ම ඒක ලෝක දෙකක් ලෙසයි ක්‍රියාත්මක වෙන්නේ.

තාක්ෂණය සමඟ මුසුවීමේදී අපගේ ආගන්තුක බව හේතුවෙන් මෙලෙස සිදුවෙන බවද ඔබ පවසන්නේ?

මේ තත්වය අ‍පගේ පමණක් නොවේ ලෝකයේ බොහෝ රටවල දක්නට ලැ‍බෙන තත්වයක්. තොරතුරු තාක්ෂණය වේගයෙන් දියුණු වීම නිසා සමාජයේ විශාල පිම්මක් over bridge එකක් සිදුවී තිබෙනවා. මේ තත්වය දරාගැනීමට නොහැකි නිසායි විවිධ ගැටලු ඉස්මතු වී තිබෙන්නේ නමුත් නියාමනය, නිතිරීති සම්පාදනය, මෙන්ම වඩවඩාත් දැනුවත්වීම මෙන්ම සන්නිවේදන තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනය වර්ධනය වීමෙන් , කාලානුරූපව මේ බරපතළ දෙදරායාම සමනය වේවි. මේ පර්යේෂණයේ දත්ත ඇසුරින්ම මෙම තත්වය මැනවින් විශ්ලේෂණය කළ හැකියි.

සාක්ෂරතාවෙන් පොහොසත් අප සන්නිවේදන තාක්ෂණයෙන් දුප්පත් බවද ඔබගේ අදහස?

අදහස නොවෙයි පර්යේෂණ දත්ත ඇසුරින් ඒ බව තහවුරු වෙනවා. ඉහළ ආදායම් ලැබීම 89% අනුව අපේ රටේ ජංගම දුරකතන භාවිතයට එය අපිට වඩා අධ්‍යාපනය මෙන්ම ආදායම අඩු රටක් වන නේපාලයේ තත්වය 85%කි. මේ අය අතරින් ලංකාවේ පහත ප්‍රශ්න දෙකට පිළිතුරු ලබා දී තිබුණේ මෙලෙසයි.

1,Do you know what the internet is? 62%

2,Have you ever used the internet

(gmail,google,facebook,email,)37%

නේපාලයේ මෙම ප්‍රශ්න සඳහා ලැබී තිබූ සංඛ්‍යාත වී තිබුණේ පිළිවෙළින් 46%‍, 34% මේ තුළින් පැහැදිළි වෙන්නේ අපගේ අන්තර් ජාලය භාවිතයත්් නේපාලයේ භාවිතයත් අතර වැඩි පරතරයක් නොමැති බවයි. සාක්ෂරතාව හෝ ආදායමට වඩා තාක්ෂණය ආගන්තුක බව ප්‍රධාන ගැටලුවක් වී පවතින බව මෙයින් තහවුරු වෙනවා..

වෙනත් රටවල දක්නට ලැබෙන ස්ත්‍රී පුරුෂ පරතරය, මෙන්ම ග්‍රාමීය හා නාගරික පරතරය අපගේ රටෙහි තොරතුරු තාක්ෂණ භාවිතයට අඩු බලපෑමක් කර ඇති බව හඳුනාගෙන ඇත. අන්තර්ජාලය අපගේ නාගරික භාවිතය 45% වනවිට ග්‍රාමීය භාවිතය 35% වෙනවා. ලොව දියුණු රටක් වන ආර්ජන්ටිනාවේ නාගරිකව 86% වනවිට ග්‍රාමීයව එය 91% ඉන්දියාවේ නාගරිකව 27% වනවිට ග්‍රාමීය තත්වය14%, නේපාල‍යේ 38%

නාගරික වනවිට ගමේ තත්වය 26% බවට පත්වී තිබෙනවා.දකුණු ආසියානු කලාපය සමඟ සසඳන විට ලංකාව හොඳ මට්ටමක පැවතියක් අත්‍යවශ්‍ය කාරණා වෙනුවෙන් තොරතුරු තාක්ෂණය භාවිතයට ඇති දැනුවත්භාවය පිළීබඳවයි ගැටලුව පවතින්නේ. උදාහරණයන් විදිහට විල්පත්තුවේ ලෙස දමන පිංතූරය සැබවින්ම විල්පත්තුවේද නැතිනම් වෙනත් මැලේසිියාවේදැයි තාක්ෂණය භාවිතයෙන් ‍හඳුනාගැනීමට අපි දැනුවත් නෑ, එපමණක් නොවේ තොරතුරුවල පවතින විශ්්වාසනීයභාවය පිළීබඳව මෙන්ම තොරතුරු මූලාශ්‍ර පිළිබඳව තහවුරු නොවූවද ඒවා පිළිබඳ තහවුරු නොවූවද කැලඹීීම් ඇතිකර ගැනීමට තරම් අප හදීසි වී තිබෙනවා, මෙපමණක් නොවේ අපගේ පොදු හා පෞද්ගලික තොරතුරු කවරේදැයි අවබෝධයකින් තොරව ඒවා ඉබාගාතේ ප්‍රසිද්ධ කිරීමත් තොරතුරු සංසරණය නොවන ආකාරයේ තමන්ගේ මුහුණුපොතේ ගිණුම ආරක්ෂා වන අන්දමින් සකස් කරගැනීමට වුව බොහෝ දෙනකු නොදන්නා තරම්. මීට හේතුව මෙම දැනුම ලබා ගැනීමට හෝ ලබාදීමට විධිිමත් ක්‍රමවේද නොමැතිකමයි මෙවැනි පර්යේෂණ ඇසුරින් අපි රජය මෙන්ම මේ පිළිබඳව වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කරනුයේ ඒ සඳහා ක්‍රමවේද සකස් කරන ලෙසයි.

සාක් රටවල් අතරින් අපි පසුවන්නේ ඉහළ තත්වයක බවයි ඔබගේ දත්ත ඇසුරින් තහවුරු වෙන්නේ?

ඇතැම් දත්ත ලෝකයේ දියුණු රටවල් තරමට ඉහළ අගයන් ගැනීම පිළිබඳව සතුටු විය හැකියි. නමුත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතය තවදුරටත් විධිමත් කළ හැකිනම් ඒ පිළිබඳ දැනුම වර්ධනය කළ හැකිනම්, පවතින දුබලතා බොහොමයක් අවම කරගත හැකියි.

මෙම පර්යේෂණය කළ පමණින් ඔබගේ මෙහෙය අවසන් වනවාද?

අපගේ අරමුණ මෙය සෑම පාර්ශ්වයකම අවධානයට ලක්කිරීමයි. විශේෂයෙන්ම ප්‍රතිපත්ති සම්පාදනය කරන්නන්ගේ අවධානයට යොමු කරවීමයි. ජනගත කිරීමේ කටයුතු සංවාදයක ආකාරයෙන් පැවැත්වූයේත් මේ හේතුව නිසාමයි. අපි විශ්වාස කරනවා පුවත්පත් මාධ්‍යයෙන් කළ හැකි බලපෑම වඩාත් වැඩි බව. පර්යේෂණයේ දත්ත හා වාර්තාව ඕනෑම කෙනකුට අන්තර්ජාලය ඔස්සේ බාගත හැකියි. අපගේ බෙවි අඩවිය වන afteraccess.net වෙතින් තොරතුරු ලබාගත හැකියි.

සටහන-බුද්ධිකා බ්‍රාහ්මණගේ

නව අදහස දක්වන්න