සංචාරක සේවා සපයන්නන්ට මූල්‍ය සහන පැකේජයක් | දිනමිණ

සංචාරක සේවා සපයන්නන්ට මූල්‍ය සහන පැකේජයක්

සංචාරක කර්මාන්තයේ වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සංචාරක සේවා සපයන්නන් වෙත පහත දැක්වෙන සහන පැකේජයන් සැලසීමට සංචාරක අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

01. 2020 මාර්තු 31 වනතුරු මූල්‍ය ණය සහ පොළිය සඳහා සහන කාලයක්.

02. 2019 මැයි 21 වැනිදා සිට වසරක් දක්වා කාලයකට වැට් බද්දෙන් සියයට 5ක අඩු කිරීමක්.

03. තීරු බදු රහිතව ආරක්ෂක උපකරණ ආනයනය කිරීමේ පහසුකම්.

අයදුම්කරන ආකාරය,

* ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක සේවා සපයන පුද්ගලයන් සහ ආයතන (SLTDA)

1 වන පියවර - 2018/19 වසර සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ බලපත්‍රය ලබාගෙන සිටීම.

2 වන පියවර - ඔබගේ බැංකුවෙන් හෝ මූල්‍ය ආයතනයෙන් ලිපියක් මඟින් ඉල්ලීමක් සිදු කිරීම.

* ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ ලියාපදිංචි වී නොසිටින පුද්ගලයින් සහ ආයතන

1 වන පියවර - www.sltda.gov.lk වෙබ් අඩවියෙන් අයදුම්පත බාගත කරගන්න.

2 වන පියවර - සම්පූර්ණ කරන ලද අයදුම්පත පහත දැක්වෙන ලියවිලි සමඟ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ [email protected] ඊමේල් ලිපිනය වෙත එවන්න.

අවශ්‍ය ලියවිලි

- භාවිත කරන භූමියේ ඔප්පුව හෝ බදු ගිවිසුම

- අනුමත ගොඩනැඟිලි සැලැස්ම

- ව්‍යාපාර ලියාපදිංචි සහතිකය

- අදාළ පළාත් පාලන ආයතනයෙන් ලබාගත් වෙළෙඳ බලපත්‍රය (ප්‍රාදේශීය සභා, නගර සභා හෝ මහ නගර සභා)

3 වන පියවර - මාස 3කට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ තාවකාලික ලියාපදිංචිය ලබා ඉහත මූල්‍ය සහන ලබාගැනීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් ලිඛිතව අනුමැතිය හිමිකරගැනීම.

4 වන පියවර - ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ තාවකාලික ලියාපදිංචිය සහ ලිඛිත අනුමැතිය ලබාගෙන ඔබගේ බැංකුවෙන් හෝ මූල්‍ය ආයතනයෙන් ලිඛිතව මූල්‍ය ඉල්ලීමක් සිදු කිරීම.

මේ සහනය ලබාගැනීමට හිමිකම් ලබන අය කවුද?

සංචාරක හෝටල්, තානායම්, හෝම් ස්ටේස්, බංග්ලෝස්, කුලී නිවාස, හෙරිටේජ් බංග්ලෝස්, කුලී අපාර්ට්මන්ට්ස්, බුටික් හොටෙල්, බුටික් විලාස් සහ හොස්ටල්ස්,

සංචාරක නියෝජිත ආයතන, රෙස්ටුරන්ට්ස්, ජල ක්‍රීඩා මධ්‍යස්ථාන, ස්පා ඇන්ඩ් වෙල්නස් සෙන්ටර්ස්, ස්පයිස් ගාර්ඩ්න්ස්, සංචාරක සාප්පු, සංචාරක මාර්ගෝපදේශකයන් (ජාතික සහ රියදුරන්), සෆාරි සංචාර මෙහෙයවන්නන්, ත්‍රාසජනක ක්‍රීඩා මධ්‍යස්ථාන (භූමි, ජල, ගුවන්), කඳවුරු බිම් සහ සංචාරක කර්මාන්තයට අදාළ අනිකුත් සේවාවන්.

තවද, සංචාරක සේවා ආයතනවල ස්ථිර සේවයේ නිරත සේවකයන්ට ද ඉහත සඳහන් අංක 01 යටතේ ඇති මූල්‍ය සහන පෞද්ගලික ණයක් ලෙස ලබාගත හැක.

අයදුම් කරන්නේ කොතැනින්ද?

- ශ්‍රී ලංකාවේ ඕනෑම ලියාපදිංචි බැංකුවකින්

- ඕනෑම ලියාපදිංචි මූල්‍ය සමාගමකින්

- ඕනෑම විශේෂ කල්බදු (ලීසිං) සමාගමකින්

වැඩි විස්තර සඳහා ඔබට,

- 2019 මැයි 8 වැනිදා නිකුත් කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 අංක 7 දරණ චක්‍ර ලේඛනය පරිශීලනය කළ හැක.

- ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවිය වන: https://www.sltda.gov.lk/index.html වෙත පිවිසෙන්න.

- දුරකතනය: 011 307 0986 හෝ 011 307 0987

බුද්ධි කරුණාරත්න

නව අදහස දක්වන්න