අමෙරිකාවේ ගොඩනැගිල්ලක වෙඩි ප්‍රහාරයක්: 12ක් මරුට | දිනමිණ

අමෙරිකාවේ ගොඩනැගිල්ලක වෙඩි ප්‍රහාරයක්: 12ක් මරුට

අමෙරිකාවේ වර්ජිනිය ප්‍රාන්තයේ ආණ්ඩුවේ ගොඩනැගිල්ලකට එල්ල කෙරුණ වෙඩි ප්‍රහාරයෙන් දොළොස් දෙනකු පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ.

මේ වෙඩි තැබීම සිදුකළ තුවක්කුකරුවා අසහනකාරී පුද්ගලයකු බව වර්ජිනියා නිලධාරීන් පවසයි. එම තැනැත්තා ආණ්ඩුවේ නාගරික පාලනයට අයත් කාර්යාලයකට ඉබාගාතේ වෙඩි තබා ඇති බව පැවසේ.

පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවේ දී තුවක්කුකරු ද මරණයට පත්ව ඇති අතර, ඔහුගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය කර නැත. එම වෙඩි හුවමාරුවේ දී පොලිස් භටයකුද තුවාල ලබා තිබේ.

නව අදහස දක්වන්න