අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහි පෙත්සම සලකා බැලේ | දිනමිණ

අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහි පෙත්සම සලකා බැලේ

තමා අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව පොලිස්පති පූජිත ජයසුන්දර ගොනුකළ පෙත්සම විභාගයට ගැනීම ලබන 24 දක්වා කල් තැබිණ.

අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට පෙනී සිටීම සඳහා අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර අද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.

පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පසුගිය මැයි මස 29 වන දා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණ.

ඒ, ව්‍යවස්ථාදායක සභාව ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කරමින්.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ අදාළ පෙත්සම ජුනි 24 වන දා යළි සලකා බැලීමටයි.

නව අදහස දක්වන්න