‍පොලිසිය ඇතුළේදී ම වරෙන්තුකරු | දිනමිණ


 

‍පොලිසිය ඇතුළේදී ම වරෙන්තුකරු

බිංගිරිය පොලිස් වසමේ දී 2017 වසරේ කළ ස්ත්‍රි දූෂණයක් සම්බන්ධයෙන් වරෙන්තු මත සිටි පුද්ගලයකු හිඟුරක්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණ සිටියදී ජූනි 5 වැනිදා අත්අඩංගුවට ගන්නා ලදැයි හිඟුරක්ගොඩ පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය පදිංචි 32 හැවිරිදි අයෙකි. හිඟුරක්ගොඩ පොලිසියේ ජුනි 05 වැනිදා විසඳීමට තිබූ පැමිණිල්ලකට අදාළව විස්තර දීම සඳහා සැකකරු පැමිණ සිටි අතර පැමිණිල්ල විභාග කරගෙන යාමේ දී අදාළ ස්ත්‍රි දුෂණය පිළිබඳ හෙළිවී තිබේ. හිඟුරක්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද වෛද්‍යතිලක මහතාගේ මඟපෙන්වීම මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය ශාන්ත මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

පොළොන්නරුව දිසා සමූහ - ඇම්. පී. සරත්

 

නව අදහස දක්වන්න