‘තුරුලිය වෙනුවෙන් අපි’ යටතේපැළ 3000ක් රෝපණය කරයි | දිනමිණ


 

‘තුරුලිය වෙනුවෙන් අපි’ යටතේපැළ 3000ක් රෝපණය කරයි

යුද්ධ හමුදාපති තුමන්ගේ සංකල්පයකට අනුව ආරම්භකරන ලද තුරුලිය වෙනුවෙන් අපි වන වගා සංග්‍රාමයේ තෙවැනි අධියර 5 දින ලෝක පරිසර දිනයට සමගාමීව ආරක්ෂක සේනා මුලස්ථානය වන්නි ආඥාපතිවරයාගේ මඟපෙන්වීම යටතේ විල්පත්තුව ජාතික රක්ෂිතය යථා තත්වයට පත් කරලීම සඳහා සිලාවතුර සිනත් නගර් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැළ 3000ක් රෝපණය කරන ලදී. මෙම වැඩ සටහන ආරක්ෂක සේනා මුලස්ථානය වන්නි ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ මඟපෙන්වීම යටතේ 54 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ 542 බලසේනාධිපති කර්නල් අයි.එච්.එම්.ආර්.කේ රවී හේරත් යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් එම උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස සංවිධාන කොට තිබිණි.

 

වවුනියාව උතුර සමූහ උතුරු පළාත් විශේෂ

නව අදහස දක්වන්න