රාජ්‍ය දේපළ අවභාවිතය පිළිබඳ අතුරු වාර්තාව ජනපතිට | දිනමිණ


 

රාජ්‍ය දේපළ අවභාවිතය පිළිබඳ අතුරු වාර්තාව ජනපතිට

2015 ජනවාරි 15 දා සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලයේ රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත මණ්ඩලහි සිදුවූ දූෂණ, වංචා, සාපරාධි ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී ව්‍යපහරණය, රැවටීම, බලය හෝ අධිකාරිය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය පිළිබඳ සෙවීමේ ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාවේ අතුරු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම ඊයේ (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී. එම අවස්ථාවට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය ඇතුළු කොමිසමේ සෙසු සාමාජික සාමාජිකාවන් ද එක් විය.

2015 ජනවාරි 15 වැනි දා සිට 2018 දෙසැම්බර් 31 වැනි දා දක්වා කාලයේ රජයේ ආයතනවල සිදු ව ඇතැයි සැලකෙන ඉහත වැරැදි පිළිබඳ මහජන පැමිණිලි, තොරතුරු, සෙසු කරුණු කැඳවීම සහ ඒවා කඩිනම් අපක්ෂපාති, පුළුල් විමර්ශන කටයුතු මෙම කොමිසමේ කාර්ය භාරයයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉකුත් ජනවාරි 17 වනදා පත් කළ කොමිසමේ වාර්තාව මාස 06ක් තුළ ජනාධිපතිතුමා වෙත භාරදීමට නියමිතව තිබිණි.

නව අදහස දක්වන්න