මෝටර් රථයක් උඩරට මැණිකේ හා ගැටෙයි | දිනමිණ


 

මෝටර් රථයක් උඩරට මැණිකේ හා ගැටෙයි

අසේල කුරුළුවංශ

මහනුවර හීරැස්සගල දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ සිට බදුල්ල බලා ධාවනය කෙරෙන උඩරට මැණිකේ දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් එහි ගමන් ගත් වයස අවුරුදු 14 ක පාසල් සිසුවකු හා ඔහුගේ පියා තුවාල ලැබ මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර ඊයේ (06) දහවල් 12.30 ට පමණ සිදුව ඇත.

මෝටර් රථය, දුම්රියේ ඇමිනී මීටර පනහක පමණ ඇදී ගොස් දුම්රිය ගෙට්ටු කරු රැදී සිටින කුටියේ ගැටීම නිසා එහි සිටි ගේට්ටුකරුද තුවාල ලැබ රෝහල් ගත කර තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව නිසි අයුරින් වසා නොතිබූ බව ප්‍රදේශ වාසීහූ පවසති. මහනුවර පොලීසියේ රථවාහන අංශය හා දුම්රිය දෙපාර්තුමේන්තුව අනතුර සම්බන්ධයෙන් වෙන් වෙන්ව පරීක්ෂණ පවත්වයි.

නව අදහස දක්වන්න