ආපදා සාකච්ඡාවට ඇමැති අමෙරිකානූ තානාපති හමුවක් | දිනමිණ


 

ආපදා සාකච්ඡාවට ඇමැති අමෙරිකානූ තානාපති හමුවක්

උදුලා පීරිස්

නිරිත දිග මෝසම් වැසි ඇරැඹීමත් සමඟග ඇතිවිය හැකි ස්වාභාවික ආපදා තත්ත්වවලට ශ්‍රී ලංකාවේ ඇති සූදානම පිළිබඳ විමසීමට මෙරට අමෙරිකානූ තානාපතිනී ඇලයිනා ටෙඩිලිට්ස් (Alaina Tedlitz) මහත්මිය පසුගියදා (04) රාජ්‍ය පරිපාලන , ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම අමාත්‍යංශයේදී මුනගැසුණාය.

ඉදිරියේදී දිවයිනට බලපාන නිරිත දිග මෝසම් වැසි තත්ත්වය තුළ ඇති විය හැකි ගංවතුර , නාය යෑම් ආදී ස්වාභාවික ආපදා තත්ත්ව වලට මෙන්ම නියං සහගත තත්ත්ව වලටද මුහුණ දීමට රටක් ලෙස ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම හමුවේදී කරුණු සාකච්ඡා කර ඇත.

රජය මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යවරයා හා අමාත්‍යංශ නිලධාරීන් අමෙරිකා තානාපතිවරිය දැනුම්වත් කළාය. ශ්‍රී ලංකාවට හිතවත් රටක් ලෙස අමෙරිකාව නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ සහයට සිටින බව සඳහන් කළ තානාපතිනිය එළඹෙන ඕනෑම ආපදා තත්ත්වයකදී වුවද තම රට මෙරට ජනතාවගේ සහයට පැමිණෙන බවද පැවැසුවාය. මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි ඇතුළු අමාත්‍යංශ ඉහළ පෙළේ නිලධාරීන් සහ යූඑස් ඒඩ් වැඩසටහනේ මෙරට නියෝජිතයින් පිරිසක් ද එක් විය.

නව අදහස දක්වන්න