සුව ඇමැති යාපනය ශීක්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක | දිනමිණ

සුව ඇමැති යාපනය ශීක්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

රුපියල් මිලියන 1350ක් වැය කරමින් යාපනය ශීක්ෂණ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයෙහි සිදු කරන දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පසුගිය දා (02) නිරීක්ෂණය කෙරිණි.

රෝගීන්ගේ සුවදුක් ද විමසා බැලූ ඇමැතිවරයා යාපනය ශීක්ෂණ රෝහලට උපකරණ පරිත්‍යාගයක් ද සිදු කළේය. රෝහලේ පවතින ගැටලුවලට විසඳුම් ලබාදීමේ සාකච්ඡාවක් ද පැවති අතර මෙහි දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධූරයට සෞඛ්‍ය ඇමැතිවරයා යළිත් වරක් තේරී පත්වීම යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ ඇගයීමට ලක් කෙරිණි.

යාපනය රෝහලේ ඉදි කරන ආඝාත ඒකකය, පුනරුත්ථාපන ඒකකය, යෝජිත ළමා රෝහල ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ද මෙහි දී විමසා බැලිණි. තවද මේ රෝහලට MRI ස්කෑනර් යන්ත්‍රයක්, CT ස්කෑනර් යන්ත්‍රයක් ඇතුළු තවත් උපකරණ ඉදිරියේ දී ලබාදීමට ද ඇමැතිවරයා පොරොන්දු විය.

රෝහල් අධ්‍යක්ෂ ටී. සත්‍යමුර්ති මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරු ද, වෛද්‍යවරු ද, රෝහල් කාර්ය මණ්ඩලය ද මේ අවස්ථාවට සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න