වරායේ නැඟෙනහිර පර්යන්තයේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකාවට | දිනමිණ


 

වරායේ නැඟෙනහිර පර්යන්තයේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකාවට

ස්වර්ණා විජේකෝන්
මහින්ද අලුත්ගෙදර
සන්ධ්‍යා කරුණාරත්න

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ සියයට සියයක අයිතිය පවතින්නේ ශ්‍රී ලංකා රජයට බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.

මෙම පර්යන්තය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා 27/2 යටතේ මතුකළ ප්‍රශ්නය සඳහා අද (07) දිනයේදී දීර්ඝ පිළිතුරක් ලබාදෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනක 27/2 යටතේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා මතුකළ ප්‍රශ්නය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දින පිළිතුරු ලබාදීමට නියමිත වේ‍.

නව අදහස දක්වන්න