මන්ත්‍රීවරුන්ට එරෙහි චෝදනා විශේෂ පොලිස් ඒකකයට පැමිණිලි කරන්න | දිනමිණ


 

මන්ත්‍රීවරුන්ට එරෙහි චෝදනා විශේෂ පොලිස් ඒකකයට පැමිණිලි කරන්න

ස්වර්ණා විජේකෝන්
මහින්ද අලුත්ගෙදර
සන්ධ්‍යා කරුණාරත්න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව චෝදනා හෝ පැමිණිලි තිබේනම් එම පැමිණිලි ‍පොලිස් මූලස්ථානයේ ස්ථා‍පිත කර ඇති විශේෂ පොලිස් ඒකකයට ඉදිරිපත් කළහැකි බව කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව විසින් පසුගිය හතරවැනිදා යෝජනා කර අනුමත කර ඇති යෝජනාවකට අනුව ඕනෑම මන්ත්‍රීවරයකුට එරෙහිව පැමිණිලි වේනම් මෙම විශේෂ ඒකකය වෙත ඉදිරිපත් කළ හැකි බවත් කතානායකවරයා සඳහන් කළේය.‍

කතානායක කරූ ජයසූරිය මහතා මේ බව සඳහන් කළේ කතානායකවරයාගේ නිවේදන යටතේ මීට අදාළ නිවේදනය ඉදිරිපත් කරමිනි.

නව අදහස දක්වන්න