පුද්ගලිකව අස්වීම් ලිපි ජනපතිට දෙන්නැයි උපදෙස් දුන්නා | දිනමිණ


 

පුද්ගලිකව අස්වීම් ලිපි ජනපතිට දෙන්නැයි උපදෙස් දුන්නා

ස්වර්ණා විජේකෝන්
මහින්ද අලුත්ගෙදර
සන්ධ්‍යා කරුණාරත්න

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරුන්ගේ සාමූහික ඉල්ලා අස්වීමේ ලිපිය ඉකුත් සඳුදා රාත්‍රියේදීම තමන් ‍වෙත භාර දුන් බවත්, තනි තනිව ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත භාරදිය යුතු බවට තමන් ඔවුන්ට උපදෙස් දුන් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (6) ප්‍රකාශ කළේය. තම කාර්යාලයේ නීති උපදේශකවරයා ලබාදුන් උපදෙස් අනුව ඉල්ලා අස්වීමේ ලිපි තනි තනිව ලබාදෙන ලෙස අදාළ ඇමතිවරුන් වෙත දැනුම් දුන් බවත් අගමැතිවරයා සඳහන් කළේය. ඒ අනුව ඉල්ලා අස්වූ ඇමැතිවරුන් කිහිප දෙනකු එම ඉල්ලා අස්වීමේ ලිපි භාරදුන් බවත් අනෙක් ලිපි කිහිපය ඊයේ (6) වනවිට ලැබී අවසන් වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීම් ලිපි ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා මතු කළ අදහස් සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කරමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

විශේෂයෙන්ම සඳුදා රාත්‍රියේ මුස්ලිම් ඇමැතිවරුත්, කැබිනට් නොවන ඇමැතිවරුත් සාමූහිකව ඉල්ලා අස්වීමේ ලිපිය මට ලබා දුන්නා. ඊළඟ දවසේ ඇමැති මණ්ඩලයේ රැස්වීමේ දී මේ ගැන ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. ඒ සමඟ දවල් වරුවේ මගේ කාර්යාලයේ නීති උපදේශකවරයාට මේ ගැන දැනුම් දුන්නා. මේ ඉල්ලා අස්වීමේ ලිපි , ඉල්ලා අස්වෙන හැම ඇමැතිවරයෙක්ම වෙනම ලිපියක් බැඟින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතු බවට දැනුම් දුන්නා. එතුමා කී විදියට එදා රාමසාන් සඳහා මැති ඇමැතිවරුන් ගණනාවක් පිටව ගොස් තිබුණා. අද ඒ ලිපි ලබා දෙන්න කියා අපි ඉල්ලීමක් කර තිබෙනවා. ඒ වගේම ලිපි ගණනාවක් ලැබී තිබෙනවා. අනෙක් ලිපි අද වන විට සියල්ලම ලැබෙනවා. එවිට එම වැඩ කටයුතු ටික එතැනින් අවසන්.

නව අදහස දක්වන්න