ශ්‍රී‍්‍ර ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමට අමෙරිකාවේ අඛණ්ඩ සහාය | දිනමිණ


 

ශ්‍රී‍්‍ර ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමට අමෙරිකාවේ අඛණ්ඩ සහාය

ශ්‍රී‍්‍ර ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙලට අඛණ්ඩව සහාය ලබාදෙන බව අමෙරිකාව සදහන් කරයි.
 
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන හා යුද කටයුතු පිළිබඳ සහකාර ලේකම් ආර්. ක්ලාක් කුපර් මහතා මේ බව ප්‍රකාශ කළේය.
 
ඒ මහතා පසුගිය 02වනදා සිට 05වනදා දක්වා කාලසීමාවේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. අමෙරිකාව විසින් අරමුදල් සපයන මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීම ඔහුගේ සංචාරයේ අරමුණ යි. ඒ අනුව නැගෙනහිර පළාතේ සංචාරය කරමින් බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල ප්‍රගතිය සොයාබැලීම සඳහා ද ඒ මහතා එක්ව තිබුණි.
 
පසුගිය 2018 වසරේදී ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 970 ක මුදලක් ලබාදී තිබේ.
 
ශ්‍රී‍්‍ර ලංකාවේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවයට ගරු කරන බවත් අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන යුද කටයුතු පිළිබද සහකාර ලේකම් ක්ලාක් කූපර් මහතා ප‍්‍රකාශ කළේය. වසර 2020 වනවිට බිම්බෝම්බවලින් තොර රටක් බවට පත්වීමේ ඉලක්කය සම්පුර්ණ කිරීම සඳහා ඊට සහයවීමට ලැබීම සතුටට කාරණයක් බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

නව අදහස දක්වන්න