සහරාන් සොයුරන්ගේ මළ සිරුරු ගොඩ ගැනේ | දිනමිණ


 

සහරාන් සොයුරන්ගේ මළ සිරුරු ගොඩ ගැනේ

අම්පාර, සයින්දමර්දුහිදී බෝම්බ පුපුරුවාගෙන මියගිය මොහොමඩ් සහරාන්ගේ සහෝදරයින්ගේ සිරුරු අද යළි ගොඩ ගැනීමට නියමිත ය.

පොලීසිය සඳහන් කළේ, එම සිරුරු අම්පාර පොදු සුසාන භූමියේ පසුගියදා වළ දැමූ බව ය.අප්‍රේල් 26 වෙනි දින බෝම්බ පුපුරුවාගෙන මියගොස් සිටි මෙම පිරිසගේ සිරුරුවල කොටස් මීට පෙර රස පරීක්ෂක කාර්යාලය වෙත යවා තිබුණි.

ඉන් සාම්පල් හතරක් නරක් වී තිබීම නිසා සිරුරු ගොඩගෙන ශරීර කොටස් නැවත රස පරීක්ෂක වෙත යැවීමට කටයුතු කරන බව ද පොලිසිය ප්‍රකාශ කළේය.

ඔවුන්ගේ මළ සිරුරු ගොඩ ගැනීම සඳහා කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ගෙන ඇති අතර, අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද එය සිදු කිරීමට නියමිත ය.

නව අදහස දක්වන්න