අතිනවීන ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ රැසක් සමඟ 3ක් අත්අඩංගුවට | දිනමිණ


 

අතිනවීන ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ රැසක් සමඟ 3ක් අත්අඩංගුවට

අති නවීන ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ රැසක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මීගමුව , ඒත්තුකාල ප‍්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම වැටලිම් සිදුකර තිබුනි.
 
සැකකරුවන් සතුව තිබි නවින ජංගම දුරකථන 402 ක් , සිම් කාඩ්පත් 17400 ක්, රවුටර් 60 ක් ඇතුළු අධි සන්නිවේදන උපකරණ රැසක් සොයාගත් බව පොලිසිය පැවසීය.
 
සැකකරුවන්ගෙන් එක් අයෙක් චීන ජාතිකයෙකි. අනෙක් දෙදෙනා මිගමුව සහ කල්පිටිය ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව පැවසේ.
 
සංනිවේදන ක්‍රියාවලියේ ජාත්‍යනතර දුරකථන ඇමතුම් ලබා ගැනිමේදි මෙම සංනිවේදන උපකරණ භාවිතා කර වංචාවන් සිදුකර ඇති බවට තොරතුරු හෙලිවි ඇත. වැඩි දුර පරික්ෂණ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිළධාරින්ගේ සහය ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

නව අදහස දක්වන්න