ලංකා හොස්පිටල්ස් වෙතින් මෞත්‍ර ලිංගික සත්කාර මධ්‍යස්ථානයක් | දිනමිණ


 

ලංකා හොස්පිටල්ස් වෙතින් මෞත්‍ර ලිංගික සත්කාර මධ්‍යස්ථානයක්

ජාත්‍යන්තරව පිළිගත් සම්මානනීය රෝහලක් ලෙස ප්‍රචලිත ලංකා හොස්පිටල්ස් රෝහල එකම වහලක් යට දී සියලු මෞත්‍ර ලිංගික රෝග හා සම්බන්ධ ප්‍රතිකාර සපයන අංග සම්පූර්ණ මෞත්‍ර ලිංගික සත්කාර මධ්‍යස්ථානයක් ඇරැඹීය. එය සැලසුම් කර තිබෙන්නේ වකුගඩු, මූත්‍ර වාහිනී පද්ධතිය සහ ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වය ආශ්‍රිත තත්ත්ව ඇතුළු ලිංගේන්ද්‍රිය සම්බන්ධ ගැටළුවලට ප්‍රතිකාර කිරීමටය. මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය විශේෂඥයන්, වකුගඩු රෝග විශේෂඥයන්, ශල්‍ය වෛද්‍යවරුන්, නිර්නාළ ග්‍රන්ථි විශේෂඥයන් සහ රෝග විනිශ්චය ස්කෑන් පරීක්ෂා සඳහා නේවාසික විකිරණවේදි විශේෂඥ වෛද්‍යවරයකු මේ මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමට ඇතුළත්ය. මෞත්‍ර ලිංගික රෝග සඳහා නවතම වෛද්‍ය තාක්ෂණය ඇතුළත් කාලීන ප්‍රතිකාර සපයන ලංකා හොස්පිටල්ස් මෞත්‍ර ලිංගික රෝග සත්කාර මධ්‍යස්ථානයේ සුවිශේෂත්වය වන්නේ රෝගියාගේ තත්ත්වය අධ්‍යයනය කරන ස්කෑන්, බයොප්සි, සිස්ටොස්කොපි, යුරෝඩයිනමික්ස් ආදී පරීක්ෂණ ගණනාවක් එක් වරක් පැමිණීමෙන් එකම වහලක් යටින් ලබා ගැනීමට හැකිවීමයි.

මධ්‍යස්ථානය විවෘත කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා හොස්පිටල්ස් ප්‍රධාන විධායක වෛද්‍ය ප්‍රසාද් මැදවත්ත මහතා, ‘‘ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණ ප්‍රතිශතය ඉහළ යාමක් පෙන්නුම් කරන අතර ඒ හා සමානව මෞත්‍ර ලිංගික පද්ධති ආශි‍්‍රත රෝග වලද සැලකිය යුතු වර්ධනයක් තිබෙනවා. මේ නිසා විශාල පිරිසකට විශේෂ පරීක්ෂණ, ස්කෑන් හා විකිරණ පරීක්ෂණ මෙන්ම මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිත සැත්කම් හා ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. මේ මධ්‍යස්ථානයෙන් අදාළ සේවා සපයන අතරම ලංකා හොස්පිටල්ස් රෝහලේ පුරුෂ සෞඛ්‍ය මධ්‍යස්ථානයක්ද පිහිටුවා ඇති නිසා පුරුෂ පක්ෂයේ සෞඛ්‍ය සත්කාර සියල්ල සංග්‍රහශීලී පරිසරයක් තුළ දැන් ඉටු කර ගත හැකියි.’’ පැවසීය. ලංකා හොස්පිටල්ස් මෞත්‍ර ලිංගික රෝග සත්කාර මධ්‍යස්ථානයේ එක් දිනක පරීක්ෂණ හා ප්‍රතිකාර කටයුතු සඳහා ගත වන්නේ පැය 3ක් 4ක් වැනි කාලයකි. මුත්‍රාශය, වක්‍ර පිධානය හා මූුත්‍ර මාර්ගය යන ඉන්ද්‍රියයන් මුත්‍රා ගබඩා කිරිමේ හා පිට කිරීමේ ක්‍රියාකාරකම් කෙතරම් හොඳින් ඉටු කරන්නේ දැයි බැලෙන යුරෝඩයිනමික් පරීක්ෂණ මේ මධ්‍යස්ථානයේ උසස් පරීක්ෂණ ක්‍රමවේදයක් බවත්, විශේෂඥ මෞත්‍ර ලිංගික ප්‍රතිකාර සහ උපදේශනය සමබන්ධ විශේෂ පුහුණුව ලැබූ හෙද කාර්ය මණ්ඩලයක් මෙම සායනයේ සේවය කරන බවත් ශල්‍ය වෛද්‍ය මහාචාර්ය අජිත් මලලසේකර මහතා පැවසීය. සෞඛ්‍ය සේවා අංශයේ අතිශය කීර්තිමත් ජාත්‍යන්තර හා ජාතික සම්මාන රැසක් දිනූ ශ්‍රී ලාංකීය රෝහලක් වන ලංකා හොස්පිටල්ස් JCI ජාත්‍යන්තර තත්ත්ව සහතිකයේ 6වන අදියරත් හිමි කර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම රෝහල මෙන්ම වෛද්‍ය සංචාරක තත්ත්ව සංධානයේ (Medical Travel Quality Alliance –MTQA) World Respected Medical Tourism සහතිකයද දිනා ගත් රෝහලකි. එමෙන්ම අමෙරිකානු ව්‍යාධිවේදීන්ගේ විද්‍යාලයේ (CAP)පිළිගැනීමට ලක් වූ ශ්‍රී ලංකාවේ එකම රසායනාගාරය ඇත්තේද ලංකා හොස්පිටල්ස්හිය.

නව අදහස දක්වන්න