ලන්ඩන් කොටස් හුවමාරුව සහ කොළඹ කොටස් හුවමාරුව අතර ගිවිසුමක් | දිනමිණ


 

ලන්ඩන් කොටස් හුවමාරුව සහ කොළඹ කොටස් හුවමාරුව අතර ගිවිසුමක්

මෙරට ණය ප්‍රාග්ධන වෙළඳපොළ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් වඩාත් උසස් තත්ත්වයකට පත්කිරීමේ අරමුණින් ලන්ඩන් කොටස් හුවමාරු සමූහය (LSEG) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) යන ආයතන සඳහා මූලික ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම

ලන්ඩන් කොටස් හුවමාරු සමූහ ලැයිස්තුවේ ඩොලර් බිලියන 2.4ක ශ්‍රී ලාංකික අක්-වෙරළ බැඳුම්කර පවත්වාගෙන යාම මෙරට කොටස් වෙළඳපොළෙහි තවත් වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ආයතන දෙක අතර තවදුරටත් සහයෝගීතාවය නංවාලීමට පහසුකම් සැලැස්වීමේ අරමුණින් කොළඹ කොටස් හුවමාරුව හා ලන්ඩන් කොටස් හුවමාරු සමූහය යන අයතන දෙක අතර අවබෝධතා ගිවිසුමකට එළැඹුණු බව නිවේදනය කළේය.

ලන්ඩන් හි පිහිටි ලන්ඩන් කොටස් හුවමාරු කාර්යාලයේ පැවති අත්සන් තැබීමේ නිළ උත්සවය සඳහා එක්සත් රාජධානියේ ආසියා සහ පැසිෆික් කලාපයේ මන්ත්‍රි ධුරන්දර ගරු මාක් ෆීල්ඞ් මහතා, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ගරු මනීෂා ගුණසේකර මැතිණිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, ශ්‍රී ලංකා සුරැකුම් හා විණිමය හුවමාරු කොමිසමේ සභාපති රනිල් ටී. විජේසිංහ මහතා, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති රේ අබේවර්ධන මහතා, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක මහතා, ලන්ඩන් කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී සහ LSEG හි ජාත්‍යන්තර සංවර්ධන කටයුතු අධ්‍යක්‍ෂ නිඛිල් රාති මෙන්ම හුවමාරු සේවා මධ්‍යස්ථානයේ සමූහ ප්‍රධානි සහ ශ්‍රී ලංකා LSEG Technology ප්‍රධානි ඩී. ලියන්වෙල මහතා යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න