ගෝන් ෆ්‍රී කායවර්ධන කිරුළ සුමින්දට | දිනමිණ

ගෝන් ෆ්‍රී කායවර්ධන කිරුළ සුමින්දට

අසේල කුරුළුවංශ

ජර්මනියේ පැවැති 2019 ගෝන් ෆ්‍රී කායවර්ධන තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ සුමින්ද ඉඩම්ගොඩගේ සමත්ව තිබේ.

කිලෝග්‍රෑම් 70 බර පන්තිය යටතේ තරග කරමින් එම අංශයේ ශූරතාව දිනූ සුමින්ද සෙන්ටි මීටර 165 ක්ලැසික් අංශයේ ප්‍රථම ස්ථානයද දිනා ගනිමින් තරගාවලියේ සමස්ථ ශූරතාවට හිමිකම් කීවේය.

රටවල් 12 ක ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති මේ තරගාවලිය සඳහා ආසියාව නියෝජනය කරමින් ඉදිරිපත්ව වීමේ අවස්ථාව ලබා ඇත්තේ සුමින්ද ඉඩම්ගොඩගේ පමණි. මේ ජයග්‍රහණයත් සමග තමන්ට අමෙරිකාවේ පැවැත්වෙන් කායර්ධන තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව උදාවූ බව ජයග්‍රහණයෙන් අනතුරුව සුමින්ද පැවැසීය.

ස්විස්ටර්ලන්ත ජාතික ක්‍රිස් බ්‍රිටෝන් මහතා පුහුණුකරු ලෙස කටයුතු කරමින් මේ ජයග්‍රහණය සඳහා සුවිශාල දායකත්වයක් ලබාදුන් බවද ඔහු කියා සිටියේය.

 

නව අදහස දක්වන්න