එජාප ජනපති අපේක්ෂකයා තෝරන්න ඡන්දයක් | දිනමිණ

එජාප ජනපති අපේක්ෂකයා තෝරන්න ඡන්දයක්

කමනි අල්විස්

එක්සත් ජාතික පක්ෂය මෙවර ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නේ ඡන්දයක් පවත්වා බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා දිනමිණට පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් අපේක්ෂකයා තෝරා ගන්නා බව පැවැසූ රාජ්‍ය ඇමැති වික්‍රමරත්න මහතා මෙය පක්ෂ ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් බවත් ප්‍රකාශ කළේය. ඡන්දයෙන් අපේක්ෂකයා තෝරා ගැනීම කිසිසේත් වෙනස් වන්නේ නැති තීරණයක් බවත් රාජ්‍ය ඇමැති වික්‍රමරත්න මහතා වැඩි දුරටත් පැවැසීය.


නව අදහස දක්වන්න