ලෝක උරු­ම­යට හානි කළැයි ගාලු උරු­මය පොලිසි යයි | දිනමිණ


 

ලෝක උරු­ම­යට හානි කළැයි ගාලු උරු­මය පොලිසි යයි

ලෝක උරු­ම­යක් වූ ගාල්ල කොටුවේ ඉදි­රි­පස පුරා­විද්‍යා රක්ෂිත සීමා­වට අන­ව­ස­ර­යෙන් ඇතුළු වී ඊට අලාභ හානි කළ රිය පුහුණු පාස­ල­කට එරෙ­හිව ගාලු උරු­මය පද­නම ගාල්ල පොලි­සි­යට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කොට තිබේ. නව කොටු දොර­ටුව දකුණු පසින් පිහිටි මේ තීරය කොන්ක්‍රීට් කණු යොදා වාහන ඇතුල් කළ නොහැකි ආකා­ර­යෙන් සකස් කර තිබිණි. ගාලු උරු­මය පද­නම පව­සන්නේ එම කොන්ක්‍රීට් කණු ගලවා ඉවත් කර පුහුණු පාසලේ වාහන එම ස්ථාන­යෙන් ඇතු­ළට ගෙන අදාළ පරි­ශ්‍රයේ රිය පුහු­ණුව සිදු­කර ඇති බවයි. මෙය වර­දක් බව පෙන්වා දී එසේ නොක­රන ලෙස උප­දෙස් දුන්නද එම ආය­ත­නයේ බල­ධා­රීන් උප­දෙස් නොතකා හැරීම හේතු­වෙන් පොලි­සි­යට පැමි­ණිලි කිරී­මට සිදුවූ බව ගාලු උරු­මය පද­නමේ ප්‍රකා­ශ­ක­යෙක් පැවැ­සීය. ලෝක උරු­ම­ය­කට හානි කිරීම බර­ප­තල වර­දක් බවත් පුරා­විද්‍යා නීතිය අනුව කට­යුතු කිරී­මට සිදු­වන බවත් හෙතෙම වැඩි­දු­ර­ටත් පැවැ­සීය. මේ පිළි­බඳ ගාලු උරු­මය පද­න­මට ලද තොර­තු­රක් මත අදාළ තැනට ගොස් ප්‍රශ්න කිරී­මේදී රථ හිමි­ක­රු­වන් බැණ තර්ජ­නය කර ඇති අතර පසුව සිදු කළ සොයා බැලී­මේදී අනා­ව­ර­ණය වූයේ රම රියැ­දුරු පුහුණු පාසල ගාල්ල නාග­රික මන්ත්‍රී­ව­ර­ය­කුගේ ඥාති­ය­කුට අයත් වූවක් බවයි.

ගාල්ල දිසා සමුහ සහ කරා­පි­ටිය සමූහ

නව අදහස දක්වන්න