නිවසේ වහ­ලය සාදා ගන්නට උප­කාර ඉල්ලන පවු­ලක් | දිනමිණ

නිවසේ වහ­ලය සාදා ගන්නට උප­කාර ඉල්ලන පවු­ලක්

තල­කි­රි­යා­ගම, ගල්වැ­ටි­යාව පදිංචි එච්.ජී.ජී.පී.කුමාරි හතු­රු­සිංහ තිදරු මවකි. සිය සැමියා හා එක්ව ඔවුන් කුඩා දරු­වන් පෝෂ­ණය කරන්නේ කුලී වැඩ කර­මිනි. දරු­වන්ට අධ්‍යා­ප­නය ලබා දෙන්නේ ඉතා අසී­රු­වෙනි. වැඩි­ම­හල් පුතුන් දෙදෙනා අවු­රුදු 16 හා 11 යන වය­ස්වල පසු­වෙති. බාල දිය­ණි­යගේ වයස අවු­රුදු 03කි. තම නිවසේ වහ­ලය ඉතා අබ­ලන් බැවින් එය පිළි­ස­කර කර ගැනී­මට වත්ක­මක් නැතිව අස­රණ වී සිටිති. කුමාරි මෙසේ කීවාය. බෙලෙක් තහඩු දමා වහ­ලය ඉදි­කර තිබෙන්නේ.වැස්සට ගේ ඇතු­ළට වැසි දිය කාන්දු වෙනවා. ඇස්බැ­ස්ටෝස් සෙවිලි කර ගන්න වත්ක­මක් නෑ. කිසි­කෙ­නෙ­කු­ගෙන් කන්න බොන්න ඉල්ලන්නේ නෑ.අපි මැරුණු පසු හෝ නොතෙමි මළ­කඳ තියා­ගන්න හරි වහ­ලය සාදා දෙන ලෙස පරි­ත්‍යා­ග­ශී­ලී­න්ගෙන් ඉල්ලා සිටි­නවා. මගේ සැමියා දණ­හිස් අමා­රුව ඇතුළු අස­නී­ප­ව­ලින් පෙලෙ­නවා. කුඩා දිය­ණිය සිටින නිසා මට කුලී වැඩ කර­න්නට යාමට හැකි­යා­වක් නෑ.

ගලේ­වෙල මධ්‍යම සමූහ පී.ජී.ගුණ­ති­ලක

නව අදහස දක්වන්න