නැති­බැ­රි­කම් පිසදා ඇති­හැ­කි­කම් මතු­ක­රන සමෘ­ද්ධිය | දිනමිණ

නැති­බැ­රි­කම් පිසදා ඇති­හැ­කි­කම් මතු­ක­රන සමෘ­ද්ධිය

“අලු­තෙන් හිතමු - දිරි­යෙන් නැගි­ටිමු” පවුල් ලක්ෂ හය­කට සමෘද්ධි සහ­නා­ධාර හිමි­කම් ප්‍රදා­නය මේ දින­වල දී රට පුරා ක්‍රියා­ත්මකය. මේ ලිපිය ඒ නිමි­ත්තෙනි.

ජන­තාව දියුණු විය යුත්තේ තම ශක්ති­යෙ­න්මය. වෙනත් අයෙ­කුගේ අනු­ක­ම්පා­වෙන් හෝ පිහි­ටෙන් නොවේ. මේ කිය­මන සනාථ වෙන ආකා­රය තවත් වරක් අපි “සමෘද්ධි” වැඩ­ස­ට­හ­නෙන් නැඟුණු ජන දිවි­යෙන් දුටිමු.

පෙරට යාමට අවශ්‍ය ශක්තිය ධෛර්ය මේ ජන­තාව සතුව තිබිණි. නොති­බුණේ ඒ ශක්තිය මතු කිරී­මට අවශ්‍ය මඟ පෙන්වී­මක් පමණි. දයාව, කරු­ණාව, මෛත්‍රීය පිරුණු උතුම් දර්ශ­න­යක් සහිත යහ­පත් මඟ­පෙ­න්වී­මක් සමෘ­ද්ධි­යෙන් ජන­තා­වට ලැබුණි. දිළිඳු ජන­තාව කිසිඳු නිර්මා­ණ­ශීලී හැකි­යා­වක් නැති, වග­කී­මක් දැරී­මට නොහැකි කුසීත පිරි­සක් ලෙස සැලකූ යුගය දැන් හමාර වී ගොසිනි.

දිළි­ඳු­කම කරු­ම­යක් හෝ පව් පින් ලෙස සැලකූ ආක­ල්ප­වල එල්බ සිටි ඇත්තන් උත්ස­හාය, ස්වශ­ක්තිය, ධෛර්ය සහ­භා­ගී­ත්වය මත වෙනස් විය හැකි නව මාන­ය­කට සමෘ­ද්ධි­යෙන් දැන් දිශා­ගත කොට ඇත.

“සමෘද්ධි” යනු සශ්‍රී­ක­ත්ව­යයි. ඉසු­රු­මත් බවයි. අඩු­වක් නොමැ­ති­ක­මයි. පරි­පූ­ර්ණ­ත්ව­යයි. සමෘද්ධි වැඩ­ස­ට­හ­නින් බලා­පො­රොත්තු වන්නේ ඉසු­රු­මත් සමා­ජ­යක් ගොඩ­නැ­ඟී­මයි. මිනි­සුන්ගේ සීමිත සම්පත් හා පුළුල් ආශා­වන් අතර පර­ස්ප­ර­භා­ව­යක් ගොඩ­නැ­ඟීම සමෘ­ද්ධි­මත් සමා­ජ­යක් බිහි­කි­රී­මට බාධා­වක්ව තිබුණි. අඩු ආදා­ය­ම්ලා­භීන් සේම ඔවුන් ජීව­ත්වන පරි­ස­රයේ විභව ශක්තීන් හඳු­නා­ගෙන ඒවා සහ­භා­ගීත්ව සංව­ර්ධන ක්‍රම­වේ­දය භාවිතා කර, වර්ධ­නය කර­මින් සඵ­ල­දා­යීව , කාර්ය­ක්ෂම, දුගී හිත­වා­දීව, තිර­සා­රව, සවි­බ­ල­ගන්වා දිළිඳු ජන­තාව දිළි­ඳු­ක­මෙන් එතෙර කර­වීම සමෘ­ද්ධියේ වෑය­මයි.

ආර්ථික සංව­ර්ධන ක්‍රියා­ව­ලිය ප්‍රව­ර්ධ­නය කිරී­මේ­හිලා දිළි­ඳු­බව තුරන් කිරී­මෙන්, සමාජ සාධා­ර­ණ­ත්වය සහ­තික කිරීමේ ජාතික ප්‍රති­ප­ත්තිය බලා­ත්මක කර­මින් පුද්ග­ලයා පවුල හා කණ්ඩා­යම් කේන්ද්‍ර­ග­තව සවි­බ­ල­ගැන්වූ ප්‍රජා­වක් බිහි­කි­ර­ලීම උදෙසා “සමෘද්ධි” වැඩ­ස­ට­හන දැන් නව මුහු­ණු­ව­ර­කින් ගම් දනව්හි ප්‍රච­ලි­තව ඇත.

සමෘද්ධි සහ­නා­ධා­රය නැති­බැරි ජන ජීවිත නංවා­ලූ­වේය. සහ­නා­ධාර බෙදා­දී­මෙන් නොනැ­ව­තුණු සමෘ­ද්ධිය ප්‍රති­ලා­භීන්ගේ ජීවි­ත­ව­ලට ආර්ථික, සමා­ජ­යීය, සංස්කෘ­තික හා ආධ්‍යා­ත්මික සංව­ර්ධ­නය කෙරෙහි නැවුම් ප්‍රවේ­ශ­යක් ද ගෙන දුන්නේය.

මෙතෙක් රට පුරා බෙදා­හ­රින ලද විවිධ අංශ­ව­ලට අයත් ආධාර, සේවා­වන් හා වෙනත් දීමනා සියල්ල නිසි පරිදි සුදුසු අයට ලැබුණේ ද යන්නත් ඒවා පැහැ­දිලි ලෙසම ගමට ගියේ ද යන්නත් විම­සිය යුතු කරු­ණකි. එසේ ගියත් එහි සහන ලැබුණේ යමක් කමක් කළ­හැකි පිරි­සක් අත­ටය. මෙම තත්ත්වය සැමදා මෙලෙස පැව­තිය හැකි වන්නේ ද? මෙම සහන සේවා­වන් නැත­හොත් අපේ රටේ මේ ජාතික ධනය, යමක් කමක් කළ හැකි, ඇති හැකි අය­ට­නොව සෑම අඩු ආදා­ය­ම්ලා­භි­යකු වෙත පොදුවේ ලැබිය යුතුය. පව­තින අභි­යෝ­ග­යන්ට මුහු­ණ­දී­මට කල්තියා සැල­සුම් කළ ජාතික මට්ටමේ වැඩ­පි­ළි­වෙ­ළක්, හිඩැ­සක් නොමැ­තිව දැන් සමෘද්ධි වැඩ­ස­ට­හ­නෙන් ක්‍රියා­ත්ම­කය.

රටක සමෘ­ද්ධි­යක් ඇති­වෙ­නවා කියන්නේ සෑම පවු­ලක්ම සතු­ටින් හා පිළි­වෙ­ල­කට ජීව­ත්වී­මයි. මේ සඳහා අපට ඇති බාධ­කය වන්නේ දිළි­ඳු­ක­මයි. රැකියා නැති­ක­මයි. ණය ගැති­භා­ව­යයි. සමාජ අසා­ධා­ර­ණ­යයි. ප්‍රමා­ණ­වත් අධ්‍යා­ප­නික හා සෞඛ්‍ය පහ­සු­කම් නොමැ­ති­ක­මයි. ගම්බද පළා­ත්වල පොදු සංව­ර්ධ­න­යට යෙදෙන මුදල් අපතේ යාමයි. කාත්තා­වන්ට ඇති නොසැ­ළ­කි­ල්ලයි. මෙම තත්ත්ව­යන් ක්‍රම­යෙන් නැති කර­මින් එක් එක් පවුල සමෘද්ධි වැඩ­ස­ට­හ­න්ව­ලින් ඉහළ ජිවන මට්ට­ම­කට ගෙන ඒමට දයා ගමගේ අමා­ත්‍ය­ව­රයා දැන් මදි­හත්ව කට­යුතු කරයි.

දිළි­ඳු­කම පිටු­දැ­කීම සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා­වට මනා අත්දැ­කී­මක් ගෙන දුන්නේ “ජන­ස­වි­යයි”“ජන­ස­විය” වැඩ­ස­ට­හ­නෙන් සමෘද්ධි ව්‍යාපා­රය ඔප­වැ­ටිණි. සෑම පවු­ලක්ම සතු සම්පත්, හැකි­යා­වන් හා උග­ත්කම සැල­කි­ල්ලට ගෙන ඒ ඒ පවුල් වලට සුදුසු වැඩ­පි­ළි­වෙළ දැන් ජන­ග­තව ඇත. ඔබ ගැන සහ ඔබගේ හැකි­යා­වන් ගැන දැඩි විශ්වා­ස­ය­කින් යුතුව සමෘද්ධි වැඩ­ස­ට­හන් ගම්ද­නව්හි ක්‍රියා­ත්ම­කය.

අප රටෙහි ආර්ථික මෙන්ම සංස්කෘ­තිය අනුව ද ‘පවුල’ යන ඒක­ක­යට ලැබෙන්නේ ඉතා වැද­ගත් ස්ථාන­යකි. එම පවුල් ඒක­කය අම­තක කොට, එහි සංව­ර්ධ­නය අම­තක කොට මෙවැනි සංව­ර්ධන වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළ නොහැකි වන්නේය.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපා­ර්ත­මේ­න්තු­වට අනුව 2006 වසරේ මෙරට දුප්පත් ජන­ග­හ­නය සමස්ත ප්‍රජාව අතු­රින් සිය­යට 15.2 කි. එය 2016 වසර අව­සන් වන විට සිය­යට 4.1කි.

සමෘද්ධි වැඩ­ස­ට­හන වසර 23ක් පැවැ­තු­නත් එම­ඟින් අපේක්‍ෂා කළ සමාජ, ආර්ථික දියු­ණුව අපට ළඟා කර­ගත නොහැ­කිව ඇත. මේ නිසා­වෙන්ම සමෘද්ධි වැඩ­ස­ට­හනේ ප්‍රති­සං­ස්ක­ර­ණය කළ­යුතු තැන් රාශි­යක් ඇති බව අමාත්‍ය දයා ගමගේ මහතා තදින් අව­බෝධ කොට ගෙන ඇත.

ක්‍ෂද්‍ර මූල්‍ය ණය ක්‍රම­යෙන් ගම් දනව්හි සමෘද්ධි ලාභීන්ගේ මඩිය තර­ක­ර­ලී­මට සමෘද්ධි බැංකුව සීරු­වෙන් සිටී. කුඩා ව්‍යව­සා­ය­ක­යන් සේම සමා­ගම් මූලා­ර­ම්භ­යක් ගමෙන් බිහි කිරිම සමෘ­ද්ධියේ අපේ­ක්‍ෂා­වයි.

සමෘද්ධි නිල­ධා­රියා සහ­නා­ධාර ලබා­දෙ­න්නෙක්, උප­දෙස් දෙන්නන් වෙනු­වට ප්‍රජා මූල නාය­ක­යන්ගේ මඟ­පෙ­න්ව­න්නෙක්, සහා­ය­ක­යෙක් බවට පත් විය යුතුය යන්න දැන් අව­ධා­ර­ණය කොට ඇත. ශිල්පීය සවි­බ­ල­ක­ර­න­යෙන් වෘත්තී­මය වශ­යෙන් වැඩි වටි­නා­ක­මක් ලබා දෙන පුහුණු කිරීම් ක්‍රියා­වට නැංවීම ද දැන් ක්‍රියා­ත්ම­කය.

සමෘද්ධි වැඩ­ස­ට­හන දේශ­පා­ල­නී­ක­ර­ණය වී තිබීම එල්ල වී ඇති ප්‍රධාන චෝද­නා­වකි. එව­කට පැවති ආණ්ඩුව තම පක්‍ෂයේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් කැප වූ තරුණ තරු­ණි­යන්ට සමෘ­ද්ධියේ පත්වීම් හිමි­වීම එහි සත්‍ය තත්ත්ව­යයි. සමෘ­ද්ධියේ සහන එවිට ගලා ගියේ ද ගම්මා­නයේ වෙසෙන එම ආණ්ඩුවේ පාෂි­ක­යන් වෙත­ට­මය. නැති­බැ­රි­ක­මට සහ­නා­ධාර හිමි­ව­නවා වෙනු­වට තම පාක්ෂි­ක­යන්ට සහ­නා­ධාර ලබා දීමේ ප්‍රමු­ක­තා­ව­යක් එකළ විය.

සමෘද්ධි වැඩ­ස­ට­හන දෙස පාට කණ්ණාඩි දමා බැලූ යුගය අව­සන් කිරීමේ කට­යුතු දැන් සිදු­වෙ­මින් පවතී. සහ­නා­ධාර හිමි විය යුතු පිරිස් ගම් දනව් හි බොහෝ සිටි­යත් පක්‍ෂ බේදය නිසා­වෙන් ඇතැ­මෙ­කුට සමෘද්ධි සහ­නා­ධා­රය නොලැ­බිණි. යහ­පා­ලන රජයේ අභි­ම­තය පක්‍ෂ පාට ආගම්, කළු සුදු බේද නොසැ­ල­කෙන සමෘද්ධි සහ­නා­ධාර ක්‍රම­යකි.

දැනට සමෘද්ධි සහ­නා­ධාර ලබන පවුල් ලක්‍ෂ 13කට අධික වෙයි. අඩු ආදා­ය­ම්ලාභි පවුල් ලක්‍ෂ 6කට පමණ අලු­තෙන් සමෘද්ධි සහ­නා­ධාර හිමි­කම් ලබා­දීම පසු­ගිය දා මහ­නු­ව­රින් ඇර­ඹිණි. දිස්ත්‍රික් වශ­යෙන් නව සමෘද්ධි සහ­නා­ධාර හිමි­කම් ලබා­දීම සඳහා රට පුරා පැත්වෙන උත්සව මලා­වෙහි ගාල්ල දිස්ත්‍රික් උළෙල අද (8) පස්වරු 2ට බද්දේ­ගම කුම්මෙ ක්‍රීඩාං­ග­ණයේ දී පැවැත් වෙන්නේ අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙනි.

ගම් දනව් හි බොහෝ නැති­බැරි මිනි­සුන් දැන් සැන­සුම් සුසුම් හෙළති.

සමෘද්ධි සහ­නා­ධා­ර­ලා­භින්ගේ සහන කිසි­වක් කපා නොද­මන බව අමා­ත්‍ය­ව­රයා සපථ වී ඇත. රටේ සමෘද්ධි සහන ලබන ජන­තාව දේශ­පා­ලන ඉත්තන් කරන යුගය අව­සන් කරන බව ද අමා­ත්‍ය­ව­රයා නිර­න්ත­ර­යෙන් පව­සයි.

රටේ කොත­රම් ආර්ථික දුෂ්ක­රතා තිබුණ ද යහ­පා­ලන රජය ජනතා සුබ­සා­ධ­නය නතර නොක­රයි. එහෙ­යින් සමෘද්ධි ප්‍රති­ලාභී පවු­ල­කට ලබා දෙන සහ­නා­ධා­රය දැන් දෙගුණ කර තිබේ.

සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව වැඩ­ස­ට­හන කඩි­නම් කර ඇත. ඒ අනා­ගත දරු­වන්ගේ අධ්‍යා­ප­නය සුබ­සා­ධ­නය වෙනු­වෙ­න්මය.

ස්ථිර නිව­හ­නක උරු­මයේ සිහි­න­යෙන් කල් ගෙවන සමෘද්ධි ප්‍රති­ලාභි පවුල් සඳහා සමෘද්ධි නිවාස ලොත­රැ­යිය ක්‍රියා­ත්මක ය. ඒ සඳහා ලබා දෙන ලද රුපි­යල් ලක්‍ෂ­යක ත්‍යාග මුදල නව අමා­ත්‍ය­ව­රයා ලක්‍ෂ දෙක දක්වා වැඩි කර ඇත. මර­ණා­ධාර, විවා­හා­ධාර ඇතුළු ජිව­න­ධාර කඩි­න­මින් ලබා දීමට අමා­ත්‍ය­ව­රයා උප­දෙස් ලබා දී තිබේ.

ඇතැම් පුද්ග­ලික ප්‍රජා මූල්‍ය ආය­ත­න­යන් ජන­තා­වට ගෙන දෙන්නේ පීඩ­න­යකි. හිස­ර­ද­යකි. එය අවම කිරී­මට සමෘද්ධි බැංකු ආශ්‍රිත කුඩා කණ්ඩා­යම් දැන් සවි­මත් කොට ඇත. සමෘද්ධි බැංකු කාල­යට අනුව නවී­ක­ර­ණය වේ.

සහ­නා­ධා­ර­ලා­භි­ය­කුට සමෘද්ධි බැංකු­ව­කින් ණය ලබා­ගත හැකිව තිබුනේ රුපි­යල් ලක්‍ෂ­යක් දක්වා වූ උප­රි­ම­යකි. දැන් එය ඉහළ නංවා සමෘද්ධි පවුල් සවි­බල ගැන්වීමේ කඩි­නම් උත්සා­හ­යක යෙදෙයි.

--සමෘද්ධි සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව ගොඩ­න­ඟන විට එහි සේවක ගැටලු දෙස එව­කට සිටි පාල­ක­යන් මුණි­වත රැකීය. පෙර සිටි පාල­ක­යන්ට සමෘද්ධි නිල­ධා­රීන්ගේ ගැටලු විස­ඳීම සඳහා තිබූ බල­යෙහි කිසිඳු අඩු­වක් නොවීය.

නව සමෘද්ධි අධ්‍යක්ෂ ජන­රාල් එස්.ඊ.ආර්.ටී.එම්.එස්.පී.බණ්ඩාර මහතා ඒ සඳහා මේ වන විට ගනු ලැබූ පිය­වර දෙස සමෘද්ධි සේවක පිරිස් පසු­වන්නේ පිරුණු සිත­කිනි.

සමෘද්ධි සේවක අභි­ප්‍රේ­ර­ණය සඳහා දැන් ක්‍රියා­ත්මක දිරි­ගැ­න්වීම් බොහෝය. විදේශ ශිෂ්‍යත්ව සේව­ක­යන් වැඩි පිරි­ස­කට ලැබේ. යහ­පා­ලන රජය පත්වී­මත් සමඟ නව අමා­ත්‍ය­ව­රයා සමෘද්ධී වැඩ­ස­ට­හ­නට නව ජව­යක් ලබා දී තිබේ. ගම ගොඩ­න­ඟන වැඩ පිළි­වෙළ දැන් ගොඩ­නැ­ගෙ­මින් ඇත. කඩි­නම් කොට ඇත.

සමාජ සුබ­සා­ධන, සමාජ ආර­ක්‍ෂණ, සමාජ සංව­ර්ධන, ප්‍රජා­මූල සංවි­ධාන, ජීව­නෝ­පාය සංව­ර්ධන, අලෙවි සංව­ර්ධන, ප්‍රජා­මූල බැංකු ආදී ක්ෂේත්‍ර ඔස්සේ නැති­බැ­රි­ක­මට කොළ එළි­යක් විහි­ඳු­ව­මින් සිටී.ණය බරින් මිදී අත­මිට සරුව හැම­දෙ­නාලේ මුවේ සිනහ රැල්ලක් මතු­වන දවස සමෘ­ද්ධියේ එකම පැතු­මයි. නොප­මාව ළඟා­වන එම ඉසු­රු­මත් යුගය කරා තව තවත් ඔබේ සිත ගත සමෘ­ද්ධි­යෙන් සවි­බ­ල­ගැ­න්වෙනු ඇත.

ඊ.එස්.ගුණ­සේ­කර
සමෘද්ධි සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව


නව අදහස දක්වන්න